Accessibility Tools

Information Icon

  • ඔබගේ නිශ්චල හෝ චංචල දේපල වලට අදාල ලේඛණ ලියාපදිංචි කිරීමේ කටයුතු ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාල මගින් සිදුකර ගැනීමට පහසුකම් සලසා ඇත.
  • දිවයින පුරා පිහිටි ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාල 50කි. 
  • ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාල ඔබ වෙත ලබා දෙන සේවාවන් අතර,
    • නිශ්චල හා චංචල දේපළ වලට අදාල ලේඛණ ලියාපදිංචිය.
    • ලියාපදිංචි කරන ලද ලේඛණ වලින් පත්ඉරු  (උධෘත) පිටපත් නිකුත් කිරිම.
    • ලියාපදිංචි කරන ලද ලේඛන වලට අදාලව ලේඛණ පරික්ෂා කිරීමේ කටයුතු
    • ඉඩම් රෙජිස්ට්‍රාර් බල ප්‍රදේශය තුළ දෙවන පිටපත් භාරදෙනු ලබන නොතාරිස්වරුන්ගේ දෙවන පිටපත් වලින් සහතික පිටපත් නිකුත් කිරීම හා අවශ්‍ය අවස්ථාවන්  වලදි දෙවන පිටපත් ලේඛණ පරික්ෂා කිරීමට පහසුකම් සැලසිම.
    • හිමිකම් ලියාපදිංචිය සිදුකරන කාර්යාල වල බිම්සවිය යටතේ වන හිමිකම සහතික නිකුත් කිරිම හා ඒවාට අදාල පසු ගනුදෙනු කටයුතු සිදු කිරීම.
    • හිමිකම් ලේඛණ පරික්ෂා කිරීම හා සහතික පිටපත් නිකුත් කිරිම.