ඉඩම් හා හිමිකම් ලියාපදිංචිය පරිපාලනය හා අධීක්ෂණය
- දිවයින පුරා ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාල 50 ක් පිහිටුවා ඇති අතර එම කාර්යාල වල පරිපාලනය හා අධීක්ෂණය මේ යටතේ සිදු කෙරේ.
නොතාරිස්වරුන් පත් කිරීම සහ අධීක්ෂණය කිරීම
- නීතිඥ හා නීතිඥ නොවන නොතාරිස්වරුන් පත් කිරීම, ඔවුන්ගේ ඉල්ලා අස්වීම්, ධූරය අත්හිටුු වීමට අදාල කටයුතු, අධිකරණ කලාප මාරු කිරීම් ආදී කටයුතු හා ඔවුන්ගේ පෞද්ගලික ලිපිගොනු පවත්වාගෙන යාම මේ යටතේ සිදු කෙරේ.
- අතිරේක භාෂා සඳහා බලපත්‍ර නිකුත් කිරීම, නොතාරිස් කටයුතු තාවකාලිකව නතර කිරීම හා නැවත ආරම්භ කිරීම, නොතාරිස්වරුනගේ කාර්යාල ලිපිනය, පෞද්ගලික ලිපිනය වෙනස් කිරීමට අදාළ කටයුතු නොතාරිස්වරුන්ගේ නම් සංශෝධනයට අදාළ කටයුතු.
ඇටෝර්නි බලපත්‍ර ලියාපදිංචි කිරීම හා අවලංගු කිරීම
- රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ දිවයින පුරා පිහිටි කලාප කාර්යාල හා දිස්ත්‍රික් සහකාර රෙජස්ට්‍රාර් ජනරාල් කාර්යාල මගින් ඇටෝර්නි බලපත්‍ර ලියාපදිංචි කිරීම හා අවලංගු කිරීම සිදුකරනු ලබයි.