Accessibility Tools

Information Icon

මුදල් විශුද්ධිකරණයට (Money Laundering) එරෙහිව කටයුතු කිරීම සදහා වන ප්‍රධාන ආයතන සමග සහයෝගීතාවය වැඩි දියුණු කිරීම සදහා රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව සැලකිය යුතු පියවරක් ගෙන ඇත. මේ සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණයට එරෙහි ප්‍රයත්නයේ දී තොරතුරු හුවමාරු කර ගැනීමට සහ සම්බන්ධීකරණයට පහසුකම් සැලසීම සදහා ශ්‍රී ලංකා මහ බැංකුව, රේගු දෙපාර්තමේන්තුව සහ පොලිස් දෙපාර්තමේන්තුව සමග අවබෝධතා ගිවිසුම් අත්සන් කර ඇත.

  • ශ්‍රී ලංකා මහ බැංකුව සමග අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම 2024/08/06 වන දින
  • රේගු දෙපාර්තමේන්තුව සමග අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම 2025/03/10 වන දින
  • පොලිස් දෙපාර්තමේන්තුව සමග අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම 2025/03/14 වන දින

මෙම ගිවිසුම මගින් මූල්‍ය අපරාධ වැලැක්වීම සදහා මුදල් විශුද්ධිකරණයේ අවදානම් හදුනාගැනීම සහ ඒවාට විසදුම් සෙවීම සදහා වඩාත් ශක්තිමත් සහ කාර්යක්ෂම රාමුවක් සහතික කෙරේ.