උප්පැන්න සහතිකවල පරිවර්තන පිටපත් ලබා ගැනීම
මෙම සේවාව ලබගත හැකි පරිවර්තකයන් සේවය කරන, දෙපාර්තමේන්තුවේ ශාඛා කාර්යාල පිලිබඳව වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය. පරිවර්තකයින් සේවය කරන කාර්යාල.
ලබාගත හැකි පරිවර්තන,
- සිංහල - ඉංග්‍රීසි
- ඉංග්‍රීසි - සිංහල
- දෙමළ - ඉංග්‍රීසි
- ඉංග්‍රීසි - දෙමළ
අයදුම්පත්‍ර භාරගන්නා වේලාව : සතියේ කාර්යාල දිනයන්හි පෙ.ව. 9.00 - ප.ව. 2.30 (සෙනසුරාදා, ඉරිදා සහ රජයේ නිවාඩු දිනයන් හි විවෘත කරනු නොලැබේ).
ඉල්ලුම් පත්‍රය පරිවර්තකයින් සේවය කරන කාර්යාලවලින් හෝ වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.
ඉදිරිපත් කළයුතු ලියවිලි,
- නිවැරදිව සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය
- පරිවර්තනය කළයුතු ලේඛනයේ මුල් පිටපත හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් ලබාගත් සහතික පිටපතක්
- තැපෑලෙන් ලබාගන්නේ නම්, ඉහත අවශ්‍යතා වලට අමතරව ලබන්නාගේ ලිපිනය ලියන ලද මුද්දර ඇලවූ ලියුම් කවරයක්
.පරිවර්තන ගාස්තු
- එක් පරිවර්තන පිටපතක් සඳහා රු. 600.00 කි.
- ඕනෑම පරිවර්තන ප්‍රමාණයක් ලබාගත හැක.
ගතවන කාලය : කාර්යාල දින 05 කි.
දැනට එක් දින සේවයක් නොමැත.