Accessibility Tools

Information Icon

මරණ සහතිකවල පරිවර්තන පිටපත් ලබා ගැනීම

මෙම සේවාව ලබාගත හැකි පරිවර්තකයන් සේවය කරන දෙපාර්තමේන්තුවේ ශාඛා කාර්යාල පිලිබඳ විස්තර වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය. පරිවර්තකයින් සේවය කරන කාර්යාල.

ලබාගත හැකි පරිවර්තන,

  • සිංහල - ඉංග්‍රීසි
  • ඉංග්‍රීසි - සිංහල
  • දෙමළ - ඉංග්‍රීසි
  • ඉංග්‍රීසි - දෙමළ

ඉල්ලුම් පත්‍ර භාරගන්නා වේලාව : සතියේ කාර්යාල දිනයන් හි පෙ.ව. 9.00 - ප.ව. 2.30 (සෙනසුරාදා, ඉරිදා හා රජයේ නිවාඩු දිනයන් හි විවෘත කරනු නොලැබේ.

ඉල්ලුම් පත්‍ර පරිවර්තකයින් සේවය කරන කාර්යාල වලින් ‌හෝ වෙබ් අඩවියෙන් ලබාගත හැකිය. document-download

ඉදිරිපත් කළයුතු ලියවිලි,

  • නිවැරදිව සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය
  • පරිවර්තනය කළයුතු මරණ සහතිකයේ මුල් පිටපත හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් ලබාගත් සහතික පිටපතක්
  • තැපෑලෙන් ලබාගන්නේ නම් ලබන්නාගේ ලිපිනය ලියන ලද මුද්දර ඇලවූ ලියුම් කවරයක්

.පරිවර්තන ගාස්තු,

  • එක් පරිවර්තන පිටපතක් සඳහා රු.600.00 කි.
  • ඕනෑම පරිවර්තන ප්‍රමාණයක් ලබාගත හැක.

ගතවන කාලය : කාර්යාල දින 05 කි.

දැනට එක් දින සේවයක් නොමැත.