Accessibility Tools

Information Icon

අපගේ Online Land මාර්ගගත සේවාව ඔස්සේ ඔබට පහත සේවාවන් භාවිතා කළ හැක:

📌 ලබාගත හැකි ලේඛන
  • ඔප්පු පිටපත්
  • පත්තිරු පිටපත්
📋 ඔබ කළ යුතු ක්‍රියාමාර්ග

සැලකිය යුතු: ඔබගේ ඉල්ලීම් ඉදිරිපත් කල යුතු ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලය වනුයේ, ඉඩම පිහිටි ප්‍රදේශය අයත් ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයට පමණි.

  • https://online.land.rgd.gov.lk වෙබ් අඩවියට පිවිසෙන්න.
  • අයදුම්පත පුරවන්න – ඔබට අවශ්‍ය ලේඛනයේ තොරතුරු නිවැරදිව පුරවන්න.
  • ගෙවීම් කරන්න – ආරක්ෂිත අන්තර්ජාල ගෙවීම් ක්‍රම භාවිතයෙන් ගෙවීම සිදු කල හැක. ගෙවීම් දිගුව දින 2 ක් ඇතුලත ඔබ සඳහන් කරන දුරකථන අංකයට හා විද්‍යුත් තැපෑලට ‍ලැබේ.
  • ලේඛනය ලැබීම – ඔබගේ ලිපිනයට තැපැල් මගින් හෝ ඔබගේ ඉල්ලීම ඉදිරිපත් කල ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයට වෙත පිවිස ලබාගත හැක.
  • .

වැඩිදුර විස්තර සඳහා ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාල විමසීම් සඳහා පිවිසෙන්න.  

💳 ගෙවීම් ක්‍රම
  • බැංකු කාඩ්පත් (Visa / Master)
📦 ලේඛන බෙදාහදාදීම
  • ලියාපදිංචි තැපැල් මඟින් 
  • ඉල්ලුම් කල ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලය වෙත ගොස් ලබා ගත හැක.
📞 තාක්ෂණික සහාය සඳහා

තොරතුරු තාක්ෂණ අංශය - රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව

අප අමතන්න: 011 2889518
හෝ විද්‍යුත් තැපෑල: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.