Accessibility Tools

Information Icon

උපත්, විවාහ සහ මරණ සහතිකවල සහතික පිටපත් සුරක්ෂිත සත්‍යාපනය සහ නිවසට බෙදාහැරීම සහිතව මාර්ගගතව අයදුම් කිරීමට පුරවැසියන්ට හැකියාව ලබාදෙන ඩිජිටල් සේවාවකි.

eBMD Tile 1

දැන් ඔබට ඔබේ නිවසේ සිටම උප්පැන්න, විවාහ සහ මරණ සහතිකවල සහතික කළ පිටපත් පහසුවෙන් ඉල්ලා සිටිය හැක!

වැඩි විස්තර
eBMD Tile 2

දැන් ඔබට පහසුවෙන් ඔබේ නිවසේ සිටම ඔප්පුව ඉල්ලා සිටීමට සහ පිටපත් ලබා ගැනීමට හැකිය!

වැඩි විස්තර
e-BMD ව්‍යාපෘතියේ අරමුණ

උප්පැන්න, විවාහ හා මරණ සහතිකවල සහතික කරන ලද පිටපත් නිකුත් කිරීම රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යයක් වන අතර මහජනතාව කරනු ලබන ඉල්ලිම් මත එවැනි පිටපත් නිකුත් කිරිම සිදුකරනු ලබයි. කෙසේ වෙතත් නිශ්චිත අංකය, දිනය හෝ සිදුවීමට අදාළ කාල වකවානුව වැනි අත්‍යාවශ්‍ය විස්තර අයදුම්කරු නොදන්නා විටදී අදාළ ලේඛන සොයා ගැනීම දුෂ්කර වේ. කාලය අධික ලෙස වැය වන සොයාබැලිම් වළක්වාලීම සඳහා ඉ -උවිම (e-BMD) ව්‍යාපෘතිය හඳුන්වා දී තිබේ.

මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණු වනුයේ දත්ත සමුදායක් පවත්වා ගැනීම, පද්ධතිය හරහා සහතික නිකුත් කිරීම සහ ලියාපදිංචි කරනු ලැබූ උප්පැන්න, විවාහ හා මරණ පිළිබඳ තොරතුරු අනෙකුත් රජයේ නියෝජිතායතන සමග බෙදාහදා ගැනීම වේ. ඊට අමතරව, ප්‍රාදේශිය මට්ටමේ කාර්යාලවල දත්ත සමුදා ස්ථාපිත කිරීම මගින් අදාළ ලේඛන කඩිනමින් සොයාගැනීම, සහතික කරන ලද පිටපත් කඩිනමින් නිකුත් කිරීම සහ සහතික කරන ලද පිටපත් නිකුත් කිරීම විමධ්‍යගත කිරීම මෙම වැඩසටහනේ අනෙකුත් ප්‍රතිලාභ වේ.

Online Land 

Online eBMD ද්වාර ව්‍යාපෘතියේ අංගයක් ලෙස, පුරවැසියන්ට මාර්ගගතව දේපළ ඔප්පු සහ ලිපි වල සහතික පිටපත් ඉල්ලීමේ හැකියාව ලබාදීමේ නව පහසුකමක් හඳුන්වා දී ඇත. මෙම සංවර්ධනය මඟින් සේවාවන් සරල කිරීම, කාලය ඉතිරි කිරීම වැනි කාර්යයන් වැඩිදියුණු කිරීම අපේක්ෂිතය.

e-BMD ව්‍යාපෘතියේ පසුබිම

උපත්,මරණ සහ විවාහ ලියාපදිංචි කිරීම සඳහා දිවයින ලියාපදිංචි කිරීමේ කොට්ඨාශවලට බෙදා ඇති අතර එම සෑම කොට්ඨාශයකටම රෙජිස්ට්‍රාර්වරයෙකු බැඟින් පත් කර තිබේ. පිටපත් තුනකින් අදාල සිද්ධීන් ලියාපදිංචි කරන අතර එහි මුල් පිටපත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ද දෙවන  පිටපත මධ්‍යම ලේඛනාගාරයේ ද සංරක්ෂණය කරනු ලැබේ. තුන්වන පිටපත උපතක දී හෝ මරණයකදී  නම් සිද්ධිය දැනුම් දෙන්නාට ද විවාහයක දී නම් පාර්ශවකරුවාට  ද නොමිලේ නිකුත් කරනු ලැබේ.මහජන අවශ්‍යතා මත ඉල්ලීම් කිරීමෙන් පසු සහතික පිටපතක් නිකුත් කරනු ලැබේ. සහතික පිටපතක් ලබා ගැනීම සඳහා ලේඛනයේ අංකය සහ ලියාපදිංචි කළ දිනය ලබා නොදෙන්නේ නම් අදාල ලේඛනය සොයා බලා පිටපතක් නිකුත් කළ යුතු අතර ඒ සඳහා සිද්ධිය සිදු වී මාස 03කට අදාල ලේඛන පරීක්ෂා කළ යුතු බැවින් මේ සඳහා නිලධාරීන්ට පිටු පෙරලමින් අදාල ලේඛනය සෙවීම සඳහා කාලයක් ගත වේ.

මෙම ලේඛන සෙවීමේ කාලය අවම කිරීම සඳහාත් ලේඛනවල ආරක්ෂාව සඳහාත් උපත් , මරණ සහ විවාහ ලේඛන පරිලෝකනය කර දත්ත පද්ධතියක් පිහිටුවීමේ අවශ්‍යතාවය හඳුනාගත් අතර එම අවශ්‍යතා සම්පූර්ණ කිරිම සදහා e-BMD වැඩසටහන හදුන්වා දෙන ලදී.

e-BMD ව්‍යාපෘතියේ ආරම්භය

2006 වර්ෂයේ දී නියමු ව්‍යාපෘතියක් ලෙස  කොළඹ දිස්ත්‍රික්කයේ එම වැඩසටහන ආරම්භ කළ අතර ඊට පසුව 2009 වර්ෂයේ සිට දිවයිනේ අනෙකුත් දිස්ත්‍රික්කවල මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී. 2019 වර්ෂයේ සිට පැරණි දත්ත පද්ධතිය නවීකරණය කිරීම තුලින් මුළු දිවයිනේ ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් ඕනෑම දිස්ත්‍රික්කයකට අයත් උ.වි. ම ලේඛනයක පිටපතක් ලබා ගැනීමේ හැකියාව ලැබුණි. මේ දක්වා ප්‍රධාන කාර්යාලයේ ස්ථාපිත කර තිබූ පැරණි දත්ත පද්ධතිය සහ මි.36 ක පමණ පරිලෝඛිත උ.වි.ම ලේඛන නව දත්ත පද්ධතිය සෑදීමත් සමග ICTA  LGC 2.0 හි ස්ථාපිත කරන ලදී.

ඒ අනුව මේ වන විට ප්‍රා.ලේ.කා 341 පිහිටුවා ඇති අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් අංශය  මඟින් නව දත්ත පද්ධතිය හරහා උ.වි.ම පිටපත් නිකුත් කිරීමේ ක්‍රියාවලිය සිදු කරයි. මෙයට අමතරව සියළුම ඉ.රෙ.කා සහ කලාප කාර්යාල සඳහා මෙම පහසුකම ලබා දී ඇත.මේ වන විට මධ්‍යම ලේඛනාගාරය සුහුරුපාය, පන්නිපිටිය නව මධ්‍යම ලේඛනාගාරය වැනි ස්ථාන වලටද පහසුකම ලබා දී ඇත.