රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දී ඇති E - ජනගහන වැඩසටහන යටතේ ඩිජිටල් ක්‍රමයට ජාතික උප්පැන්න සහතික නිකුත් කිරීමේ සමාරම්භක වැඩසටහන අද (24) දින රත්නපුර දිස්ත්‍රික් ලේකම්/දිසාපති, අතිරේක රෙජිස්ට්‍රාර් ජනරාල් කේ.ජී.එස්. නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් රත්නපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
2021 වසරේ ජනවාරි මස පළමුවැනිදා සිට 2025.02.26 දින දක්වා, රත්නපුර දිස්ත්‍රික්කයේ උපන් දරුවන්ට දිස්ත්‍රික්කයේ ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් මෙම ජාතික උප්පැන්න සහතිකය ලබා ගැනීමේ පහසුකම පවතී. ඉදිරියේදී මෙම සේවාව තව දුරටත් පුළුල් කිරීමට රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වේ.
මෙම ඩිජිටල් ජාතික උප්පැන්න සහතිකය සම්ප්‍රදායික කඩදාසි සහතිකයට වඩා නවීන, සුරක්ෂිත ලේඛනයකි. මකා වෙනස් කළ නොහැකි ලෙස තොරතුරු දත්ත පද්ධතියේ ගබඩාවීම මගින් ව්‍යාජ ලේඛන සකස් කිරීම අවම වේ. එමෙන්ම විදේශ ගමන් හා නීතිමය කටයුතු සඳහා ජාත්‍යන්තරමය වශයෙන් භාවිතයට වඩාත් සුදුසු වන අතර සිංහල හා ඉංග්‍රීසි හෝ දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා මගින් සහතිකය ලබා ගැනීමට හැකිවීම තුළින් උප්පැන්න සහතික වෙනම පරිවර්තනයන් සිදු කිරීමට අවශ්‍ය නොවේ. තවද උප්පැන්න සහතිකයේ කවර හෝ සංශෝධනයක් සිදු කළ විට එම තොරතුරු දත්ත පද්ධතියේ යාවත්කාලීන වේ.
වැඩිදුර තොරතුරු සදහා: https://www.facebook.com/share/1DDzVkbnMt/