ශ්‍රී ලංකා රජයේ ඩිජිටල් පරිවර්තන වැඩසටහනට අනුව, රෙජිස්ට්‍රාර් ජනරාල්දෙපාර්තමේන්තුවවිසින් උපත්, විවාහ සහ මරණ ලියාපදිංචි දත්ත පද්ධතිය (eBMD) විදේශීය තානාපති කාර්යාල වෙතින් ලබා ගැනීමේ සේවාව පුළුල් කර ඇත.
2025 පෙබරවාරි 7 වන දින සිට, විදේශයේ පදිංචි වන ශ්‍රී ලාංකික පුරවැසියන්ට ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කර ඇතිඋපත්, විවාහ සහ මරණ සහතික වල පිටපත්තමන් සිටින රටවල පිහිටි ශ්‍රී ලාංකික තානාපති කාර්යාලය හෝ කොන්සියුලට් කාර්යාලය හරහා ලබා ගැනීමටහැකි වේ.
මෙම ජාතික සේවා පුළුල් කිරීම, දෙපාර්තමේන්තුවේ ඩිජිටල් ක්‍රමවත්වීමේ යාන්ත්‍රණයේ වැදගත් මෙන්ම අරුත්පූර්ණ අදියරක් වශයෙන් සැලකෙයි. එමගින් ශ්‍රී ලංකාව, පුරවැසියන් හට ඩිජිටල් නව්‍යතාව හරහාකාර්යක්ෂම සහ ගෝලීයව ප්‍රවේශ විය හැකි රාජ්‍ය සේවාලබා දීමට ඇති දැඩි කැපවීම දැක්වෙයි.