ගාල්ල කඩවත සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ බෝපේ පොද්දල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යටතේ ජාතික උපන් සහතික නිකුත් කිරීම මේ දිනවල (24) උදෑසන ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඉඩම් හා සංවර්ධන අතිරේක දිස්ත්‍රික් ලේකම් අතුල සුමිත් ශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
මෙම අවස්ථාවට රෙජිස්ටර් ජනරාල් දෙපාර්තමේන්තුවේ දකුණු පළාත් කාර්යාලයේ සහකාර රෙජිස්ටර් ජනරාල් දුලානි එච්. කීර්තිසිංහ මහත්මිය, ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේ සහකාර රෙජිස්ටර් ජනරාල් එම්.ජී.එම්. උපමාලිකා මහත්මිය, බෝපෙ පෝද්දල ප්‍රාදේශීය ලේකම් පියුමලී ලියනගේ මහත්මිය, කඩවත් සතර සහකාර ප්‍රාදේශීය ලේකම් පසිඳු ලක්රුවන් මහතා ඇතුලු නිලධාරින් සහභාගි වූහ.