Accessibility Tools

Information Icon

නිවසක සිදු වූ උපතක් ලියාපදිංචි කිරීම

උපත සිදුවී දින 07ක් ඇතුලත ග්‍රාම නිලධාරී වෙත දැනුම් දිය යුතුයි.

සෑම උපතක් සම්බන්ධයෙන්ම එකී උපතට අදාලව B23 ආකෘති පත්‍රය ප්‍රකාරව පිලියෙල කල වාර්තාවක් ග්‍රාම නිලධාරී විසින් උපත සිදු වු ස්ථානයට අදාල උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර් වෙත යැවිය යුතුය.

උපත ලියාපදිංචි කරනු ලබන්නේ උපත සිදුවූ ස්ථානයට පත් කර ඇති උප්පැන්න හා මරණ කොට්ඨාසයේ රෙජිස්ට්‍රාර්වරයා විසිනි.

නිවැරදිව සම්පූර්ණ කරන ලද ලියාපදිංචි කිරීම CR01 ආකෘතිය උපන් ස්ථානයට අදාළ උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර්වරයා වෙත ලබා දිය යුතුය. එම ලියාපදිංචි කිරීම CR01 ආකෘතිය උපන් ස්ථානයට අදාල උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර්වරයාගෙන් හෝ වෙබ් අඩවියෙන් භාගත කර ගැනීමට හැකියාව. 

උපතක් දැනුම් දීමට සුදුසුකම් ලත් පුද්ගලයන්, 

  • පියා
  • මව
  • දරුවා උපන් අවස්ථාවේදී ළඟ සිටි පුද්ගලයන් 
  • භාරකරුවන්

උපතක් දැනුම් දීමට සුදුසුකම් ලත් පුද්ගලයන් විසින් උපත ලියාපදිංචි කිරීම සඳහා ඉදිරිපත් කල යුුුතු ලියවීලි

  • නිවැරදිව සම්පූර්ණ කරන ලද ලියාපදිංචි කිරීම CR01 ආකෘතිය
  • දෙමව්පියන්ගේ විවාහ සහතිකයේ ඡායා පිටපතක් (එසේ නොමැති නම් අංක 7 බලන්න.)
  • දෙමව්පියන්ගේ උප්පැන්න සහතික වල ඡායා පිටපත්
  • ජාතික හැඳුනුම්පතේ මුල් පිටපත හා ඡායා පිටපතක්      

දෙමාපියන් අවිවාහක නම් පියාගේ තොරතුරු ඇතුලත් කිරීම පිණිස මව්පියන් දෙදෙනාම, උපත සිදු වූ ස්ථානයට අදාල උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර්වරයා වෙත යා යුතුයි.

උපත සිදු වී මාස 03ක් ඇතුලතදී උපත නොමිලයේ ලියාපදිංචි කරවා ගත හැක. උපත සිදු වී මාස 03කින් පසුවද උපත ලියාපදිංචි කරවා ගැනීමට හැකියාව ඇති අතර ඒ සඳහා කල් ගත වූ උපත් ලියාපදිංචි කිරීමේ විස්තර බලන්න.

උපතක් ලියාපදිංචියෙන් පසු දැනුම් දෙන්නා වෙත නොමිලයේ උප්පැන්න ලේඛනයේ පිටපතක් නිකුත් කරනු ලැබේ.

උපන් දිනය හා ස්ථානය මවගේ දන්නා තොරතුරු මත පමණක් වුවද (අවස්ථානුකූලව ඊටත් වඩා අඩු තොරතුරු ඇතුලත් කර වුවද), උපතක් ලියාපදිංචි කිරීමට හැකියාව පවතී. එහිදී ලබා දෙනු ලබන තොරතුරු වලට අදාල තීර පමණක් සම්පූර්ණ කර උප්පැන්න ලේඛණයක් නිකුත් කෙරේ.

*ඔබට එම උප්පැන්න ලේඛනය ලද විට කියවා බලා පරික්ෂා කොට රැගෙන යාමට කාරුණික වන්න.

(1951 අංක 17 දරණ උප්පැන්න හා මරණ ලියාපදිංචි කිරීමේ ආඥාපනතේ විධිවිධාන අදාල වේ.)