නිවසක සිදු වූ මරණයක් ලියාපදිංචි කිරීම
මරණය සිදුවී දින 05 ක් ඇතුලත ග්‍රාම නිලධාරී වෙත දැනුම් දිය යුතුය.
සෑම මරණයක් සම්බන්ධයෙන්ම එකී මරණයට අදාලව B24 ආකෘති පත්‍රය ප්‍රකාරව පිලියෙල කළ වාර්තාවක් ග්‍රාම නිලධාරී විසින් මරණය සිදු වු ස්ථානයට අදාල උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර් වෙත යැවිය යුතුය.
මරණය ලියාපදිංචි කරනු ලබන්නේ මරණය සිදුවූ ස්ථානයට අදාල උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර්වරයා විසිනි.
මරණ ලියාපදිංචි කිරීම CR02 ආකෘතිය රෙජිස්ට්රාර්වරයාගෙන් ලබාගත හැකිය.
මරණය දැනුම් දීමට සුදුසුකම් ලත් පුද්ගලයන්,
- මරණය සිදුවන අවස්ථාවේදි එහි සිටි කිට්ටුම නෑදෑයා
- අවසන් වරට රෝගීව සිටියදී උපස්ථානය කළ කිට්ටුම නෑදෑයා
- එවැනි නෑදෑයකු නොමැතිවූ විට,
- මියගිය අය පදිංචි රෙජිස්ට්‍රාර් කොට්ඨාශය තුල වාසය කරන මියගිය තැනැත්තාගේ නෑදෑයකු
- එවැනි නෑදෑයකු නොමැතිවූ විට,
- මරණය සිදුවන අවස්ථාවේ එහි සිටි පුද්ගලයෙක්
- මරණය සිදුවූ ගොඩනැගිල්ලේ පදිංචිකරු
- ඉහත සඳහන් පුද්ගලයන් නොමැතිවූ විට,
- මළ සිරුර වැළලීමට, ආදාහනය කිරීමට හෝ වෙනත් ආකාරයකින් ඒ පිළිබඳ අවසන් කටයුතු කරන පුද්ගලයා
මරණය සිදු වී මාස 03 ක් ඇතුලතදී මරණය නොමිලයේ ලියාපදිංචි කරවා ගත හැකිය.
මරණය සිදු වී මාස 03 කින් පසුවද මරණය ලියාපදිංචි කරවා ගැනීමට හැකියාව ඇති අතර ඒ සඳහා කල් ගත වූ මරණ ලියාපදිංචි කිරීමේ විස්තර බලන්න.
දැනුම් දෙන්නා වෙත නොමිලයේ මරණ සහතිකයක් නිකුත් කරනු ලැබේ.
** ඔබට එම මරණ ලේඛනය ලද විට කියවා බලා පරික්ෂා කොට රැගෙන යාමට කාරුණික වන්න.
(1951 අංක 17 දරණ උප්පැන්න හා මරණ ලියාපදිංචි කිරිමේ පනතේ ප්‍රතිපාදන අදාල වේ.)
රෝහලක (රජයේ හෝ පෞද්ගලික) සිදු වූ මරණයක් ලියාපදිංචි කිරීම
මරණය සිදු වූයේ රෝහලක නම්, එම රෝහලට අදාල උප්පැන්න හා මරණ රෙජිස්ට්රාර්වරයාට මරණය ලියාපදිංචි කිරීමට දැනුම් දිය යුතුය.
මරණය දැනුම් දීම සඳහා අවශ්‍ය ප්‍රකාශය(ලියාපදිංචි කිරීම CR02 ආකෘතිය) උප්පැන්න හා මරණ රෙජිස්ට්රාර්වරයාගෙන් ලබා ගත යුතුය.
මරණය ලියාපදිංචි කිරීම සඳහා දැනුම් දීමට සුදුසුකම් ලත් පුද්ගලයන්,
- මිය ගිය අයගේ ඥාතීයකු
- මරණය සිදු වන අවස්ථාවේ එහි සිටි පුද්ගලයෙක්
- රෝහලේ කාර්යභාර වෛද්‍ය නිලධාරී
ඉදිරිපත් කළයුතු ලියවිලි,
- නිවැරදිව සම්පූර්ණ කරන ලද ලියාපදිංචි කිරීම CR02 ආකෘතිය
- මරණය සිදු වූ බව තහවුරු කිරීමට රෝහලෙන් නිකුත් කළ වාර්තාව
- මාස 03 ක කාල සීමාවක් ඇතුලතදී මරණයක් නොමිලයේ ලියාපදිංචි කරවා ගත හැකිය.
** ඔබට එම මරණ ලේඛනය ලද විට කියවා බලා පරික්ෂා කොට රැගෙන යාමට කාරුණික වන්න.
(1951 අංක 17 දරණ උප්පැන්න හා මරණ ලියාපදිංචි කිරීමේ පනතේ ප්‍රතිපාදන අදාල වේ.)
ලියාපදිංචි කළ වත්තක සිදුවන මරණයක් ලියාපදිංචි කිරීම
මරණය සිදුවී පැය 24 ක් ඇතුලත පහත සඳහන් සුදුසුකම්ලත් පුද්ගලයන් විසින් වතු අධිකාරිවරයා වෙත මරණය දැනුම් දිය යුතුය.
දැනුම් දීමට සුදුසුකම් ලත් පුද්ගලයන්,
- මියගිය අයගේ ඥාතීයකූ
- මරණය සිදු වන අවස්ථාවේ එහි සිටි පුද්ගලයෙක්
- මරණය සිදුවු ගොඩනැගිල්ලේ පදිංචිකරු
- මරණය පිලිබද අවසන් කටයුතු කරන අය
ඉදිරිපත් කළයුතු ලියවිලි,වතු අධිකාරිවරයා විසින් මරණ වාර්තාව සටහන් කර සහතික කල වතු අධිකාරි මරණ වාර්තාව (ලියාපදිංචි කිරීම CR02 ආකෘතිය) සමගින් දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි මගින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් වෙත යොමු කෙරේ.
- මරණයට පත් වූ අයගේ වෛද්‍ය වාර්තා තිබේනම්
- මරණයට පත් වූ අයගේ සායන වාර්තා තිබේනම්
අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් විසින් මරණය ලියාපදිංචි කර මරණ සහතිකය අදාළ වතු අධිකාරිවරයා වෙත යොමු කෙරේ.
අයදුම්කරුට වතු අධිකාරිවරයාගේ කාර්යාලයෙන් මරණ සහතිකය නොමිලයේ ලබා ගත හැකිය.
විදේශ රටකදී සිදුවු ශ්‍රී ලංකිකයකුගේ මරණයක් විදේශයක දී ලියාපදිංචි කිරීම
මිය යන විට ශ්‍රී ලාංකීක හෝ ද්විත්ව පුරවැසියකුගේ මරණය විදේශයකදී ලියාපදිංචි කර ගත හැකිය.
මරණය ලියාපදිංචි කරනු ලබන්නේ මරණය සිදු වු රටේ ශ්‍රී ලංකා තානාපති / මහ කොමසාරිස් කාර්යාලයෙනි.
මරණය දැනුම් දීම සඳහා අවශ්‍ය ප්‍රකාශ පත්‍රය ශ්‍රී ලංකා තානාපති කාර්යාලය / මහ කොමසාරිස් කාර්යාලයෙන් ලබා ගත හැකිය.
මරණය ලියාපදිංචි කිරීම සඳහා දැනුම් දීමට සුදුසුකම් ලත් පුද්ගලයන්:
- මැරුණු අයගේ ලගම ඥාතීයකූ විසින්
- මරණය සිදුවු අවස්ථාවේ ළග සිටි පුද්ගලයෙක්
ඉදිරිපත් කළයුතු ලියවිලි (මුල් පිටපත් හා ඡායා පිටපත් කට්ටලයක් ඉදිරිපත් කල යුතුය):
- ශ්‍රී ලාංකීක පුරවැසියකු හෝ ද්විත්ව පුරවැසියකු බව තහවුරු කිරීම සඳහා අවශ්‍ය ලියවිලි (වීසා බලපත්‍රය/ද්වීත්ව පුරවැසි සහතිකය)
- මරණයට පත් අයගේ ගමන් බලපත්‍රය(මියයන අවස්ථාව වන විට වලංගු)
- එම රටේදී නිකුත් කළ මරණ සහතිකය
- මරණයට හේතූව සඳහන් කරන ලද රෝහල් වාර්තාවක්
- මිය ගිය පුද්ගලයාගේ උප්පැන්න සහතිකයේ සහතික පිටපතක්
- ප්‍රකාශකරුගේ ඥාතීත්වය සනාථ කරන ලේඛණයක්(උප්පැන්න හෝ විවාහ සහතික අවශ්‍ය පරිදි)
රජයේ ගාස්තු වශයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් නියම කරන ලද මුදල අදාල රටේ වලංගු මුදලින් ගෙවිය යුතුය.
විදේශ රටකදී මිය ගිය අයෙකුගේ මරණය මෙරටට දී ලියාපදිංචි කිරීම
අවුරුද්දක කාල සීමාවක් ඇතුලතදී රජයේ ගාස්තු ගෙවා අදාල රටේ තානාපති/මහකොමසාරිස් කාර්යාලය මගින් මරණයක් ලියාපදිංචි කරවා ගත නොහැකි වුවහොත් අවුරුද්දක කාල සීමාවක් ඉක්ම වු පසු කල් පසු වු මරණයක් ලෙස ලියාපදිංචි කිරීමට මරණය සිදු වු රටේ තානාපති/මහකොමසාරිස් කාර්යාලය වෙත පහත ලේඛණ භාර දිය හැකිය. එය අනුමැතිය සඳහා අදාල තානාපති කාර්යාලය මගින් මාලිගාවත්ත මධ්‍යම ලේඛනාගාරය වෙත එවිය යුතුය.
එසේම මරණය විදේශයක පිහිටි තානාපති/මහකොමසාරිස් කාර්යාලය මගින් ලියාපදිංචි කර නොමැති නම් මාලිගාවත්ත මධ්‍යම ලේඛනාගාරය වෙත ලේඛන ඉදිරිපත් කිරීමෙන් මරණය ලියාපදිංචි කරවා ගත හැකියි.
මරණය දැනුම් දීම සඳහා අවශ්‍ය ප්‍රකාශ පත්‍රය මාලිගාවත්ත මධ්‍යම ලේඛනාගාරයේ Consular අංශයෙන් ලබා ගත යුතුයි.
මරණකරු ශ්‍රී ලාංකීක හෝ ද්විත්ව පුරවැසි බව ඇති අයකු විය යුතුය.
මරණකරුගේ කලාත්‍රයා,මව පියා සහෝදරයකු දරුවකු හෝ ඒ් කිසිම අයකු නොමැති නම් ඒ පිළිබද උනන්දුවක් දක්වන පාර්ශවයට මරණය ලියාපදිංචි කිරීම සඳහා ප්රකාශකරුවා ලෙස ඉදිරිපත් විය හැකිය.
ඉදිරිපත් කල යුතු ලියවිලි (මුල් පිටපත් හා ඡායා පිටපත් කට්ටලයක් ඉදිරිපත් කල යුතුය):
- නිසි ලෙස සම්පුර්ණ කරන ලද ප්‍රකාශ පත්‍රය
- විදේශ මරණ සහතිකය
- මරණ සහතිකයේ මරණයට හේතූව සඳහන් වී නොමැති නම් මරණයට හේතුව සඳහන් වන වාර්තාව
- මරණකරුගේ උප්පැන්න සහතිකය
- මරණකරුගේ විදේශ ගමන් බලපත්‍රය
- දේහය මෙරටට ගෙන ආවේ නම් කාගෝ රිසිට්පත
- ප්‍රකාශකරුගේ ඥාතීත්වය සනාථ කරන ලේඛණයක්(උප්පැන්න හෝ විවාහ සහතිකය අවශ්‍ය පරිදි)
- අවසාන කටයුතු ශ්‍රී ලංකාවේ කරන්නේ නම් ප්‍රවාහන බිල්පත්
- විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් නිකුත් කළ ලිපිය (ශ්‍රී ලංකාව තුළ අවසන් කටයුතු කරන්නේ නම්)
- ප්‍රකාශකරුගේ ජාතික හැඳුනුම්පතේ ඡායා පිටපතක්
- ප්‍රකාශකරුගේ ලිපිනය හා නියමිත මුද්දර අලවන ලද 9*4 ප්‍රමාණයේ ලියුම් කවරයක්
- ඒ සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයේ Consular අංශයට ලියාපදිංචි ගාස්තු වශයෙන් අංශයට රු.8 180/- ක් ගෙවා ලබා ගත් රිසිට් පත
- සිංහල ඉංග්‍රීසි හා දෙමළ භාෂා වලින් හැර වෙනත් භාෂාවලින් ඇති ලේඛන වල පරිවර්තනයන්
ඉදිරිපත් කල යුතුය.
- ** ඒ සඳහා අවශ්‍ය තොරතුරු සහකාර රෙජිස්ට්‍රාර් ජනරාල්, කන්සියුලර් අංශය, රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව, 15 වන මහල, "සුහුරුපාය", බත්තරමුල්ල යන ලිපිනය මගින් තොරතුරු විමසීම් කිරීමෙන්ද පහත දුරකථන අංකය හරහා ද තොරතුරු ලබා ගැනීමට හැකියාව ඇත. දුරකථන අංකය : +94 112 796 127 හෝ 071 4425143