Accessibility Tools

Information Icon

මරණ සහතිකවල පිටපත් ලබා ගැනීම

මරණ සහතිකයේ පිටපත් ලබාගත යුත්තේ මරණය සිදුවූ ස්ථානයට අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙනි. අදාල සහතිකය දත්ත පද්ධතියේ ඇත්නම් ඔබට ආසන්නයේම ඇති ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් ද එහි සහතික පිටපත් ලබා ගත හැකිය.1960.01.01 වර්ෂයේ සිට 2020.12.31 වර්ෂය දක්වා වු සහතිකවල පිටපත් දත්ත පද්ධතිය මගින් ලබා ගත හැකිය.(දත්ත පද්ධතියේ ඇත්ද යන්න ආසන්නයේම ඇති ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙන් පරීක්ෂා කර තහවුරු කර ගත හැකිය)

අවශ්‍ය ඉල්ලුම් පත්‍රය ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් අංශයෙන්/වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.

අයකරනු ලබන ගාස්තු,

  • මරණ සහතිකයේ අංකය සහ ලියාපදිංචි කළ දිනය දන්නා විට එක පිටපතකට ගාස්තුව රු.120.00 කි.
  • මරණ සහතිකයේ අංකය සහ ලියාපදිංචි කළ දිනය නොදන්නේ නම්, (වර්ෂ දෙකකට නොවැඩි කාලයක ලේඛන සෙවීමක් අවශ්‍ය වන බැවින්) එක පිටපතකට ගාස්තුව රු.250.00 කි.

අදාල ගාස්තුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට හෝ රෙජිස්ට්‍රාර් ජනරාල්ගේ ලංකා බැංකුවේ (බත්තරමුල්ල ශාඛාවේ) 7039827 දරණ ගිණුම් අංකයට ගෙවීම් කර එහි දී ලබා දෙනු ලබන ලදුපත (Bank Slip) සහ සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ඉදිරිපත් කර සහතික පිටපත් ඉල්ලුම් කල හැකිය. ස්වයංක්‍රීය ටේලර් යන්ත්‍ර මගින් කරනු ලබන ගෙවීම් හෝ Online payment භාරගනු නොලැබේ.

මරණ සහතිකය තැපෑලෙන් ගෙන්වා ගැනීමට අවශ්‍ය වේ නම් ලිපිනය ලියන ලද මුද්දර ඇලවූ ලියුම් කවරයක් ඉල්ලුම් පත්‍රය ඉහත දක්වා ඇති පරිදි මුදල් ගෙවු රිසිට් පතද සමග ඉදිරිපත් කල යුතුය.

මරණය ලියාපදිංචි වී තිබේ නම්, අදාල මරණ සහතිකයේ ඉල්ලුම කර ඇති පිටපත් සංඛ්‍යාව ගෙවන ලද මුදල අනුව නිකුත් කරනු ලබන අතර මරණය ලියාපදිංචි වී නොමැති නම් ඒ පිළිබඳව බී 38 ආකෘතිය මගින් දන්වා යවනු ලැබේ.

මාර්ගගත අයදුම්පත්

එසේම https://online.ebmd.rgd.gov.lk වෙත පිවිසීමෙන් Online ක්‍රමවේදය ඔස්සේ සහතික පිටපත් ඉල්ලුම් කිරීමේ හැකියාව පවතී.