Accessibility Tools

Information Icon

කල්ගතවූ මරණයක් ලියාපදිංචි කිරීම

මරණයක් සිදුවී මාස තුනක් ඇතුලත දී ලියාපදිංචි කර නොමැති විටෙක එවැනි මරණයක් ලියාපදිංචි කරවා ගැනීමට පුළුවන.

මරණය සිදු වි වසර 25 කට වැඩි නොවන කාලයක් තුල මරණයට අදාල ප්‍රකාශ පත්‍රය භාර දි තිබිය යුතුයි.(හදිසි මරණයක් හැර)

ප්‍රකාශ පත්‍රය මරණය සිදුවූ ස්ථානයට අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් වෙත ඉදිරිපත් කල යුතුය.

ප්‍රකාශ පත්‍රය ඉදිරිපත් කළ හැකි පුද්ගලයන්

  • මරණයක් සිදුවන අවස්ථාවේ එහි සිටි හෝ මියගිය තැනැත්තා අවසන් වරට රෝගීව සිටියදී ඔහුට උපස්ථානය කළ කිට්ටුම නෑදෑයා
  • උනන්දුවක් දක්වන වෙනත් අය

ප්‍රකාශ පත්‍රය සඳහා ගාස්තුව රු. 60.00 කි