විවාහ (සාමාන්‍ය) ලියාපදිංචි කිරීම
පාර්ශවකරුවන් දෙදෙනාම මුස්ලිම්වරුන් නොවන වෙනත් ඕනෑම ජාතියක හෝ ආගමක පාර්ශවකරුවන්ට, විවාහ (සාමාන්‍ය) ලියාපදිංචි කිරීමේ ආඥාපනත යටතේ විවාහ විය හැකිය.
විවාහ දැන්වීම පිටපත් දෙකකින් යුතුව ලියා සහතික කර කොට්ඨාශයේ විවාහ රෙජිස්ට්‍රාර්ට භාර දිය යුතුය.(නම හා උපන් දිනය සනාථ කර ගැනීමට උප්පැන්න සහතිකය හෝ වෙනත් ලියවිල්ලක්)
දැන්වීම් සහතික කිරීමට බලය ඇති අය
- කොට්ඨාශයේ විවාහ රෙජිස්ට්‍රාර්
- සාමදාන විනිශ්චයකරුවකු
- ප්‍රසිද්ධ නොතාරිස්වරයකු
- දේවගැතිතුමකු
විවාහ දැන්වීමක් භාර දීම සඳහා සම්පූර්ණ කළ යුතු අවශ්‍යතා
- පාර්ශවකරුවන් අදාළ කොට්ඨාශයේ පදිංචිය පිලිබඳ අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම
- විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල පාර්ශවකරුවන් කොට්ඨාශයේ පදිංචිව සිටිම
- විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල පාර්ශවකරුවන් එකම කොට්ඨාශයේ නොව වෙන වෙනම කොට්ඨාශ වල පදිංචිව සිටිම.
- පාර්ශවකරුවන්ගෙන් එක් අයකු විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල ශ්‍රී ලංකාවේ පදිංචිව නොසිටියේ නම්, අනික් පාර්ශවය දින 10 ක් ශ්‍රී ලංකාවේ පදිංචිව සිටිම.
- දෙදෙනාගෙන් එක් අයකුවත් විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල ශ්‍රී ලංකාවේ පදිංචිව නොසිටියේ නම්, එක් පාර්ශවයක් දින 04 ක් ශ්‍රී ලංකාවේ පදිංචිව සිටිම.
- පාර්ශවකරුවන් දෙදෙනාම පසුගිය උපන් දිනයට වයස අවුරුදු 18 සම්පූර්ණ කර තිබීම
- ඔවුන් විවාහ වීමට තහනම් නෑදෑයන් නොවන බව
- ඒ වන විටත් වලංගු විවාහයක් නොපවතින බව
විවාහ (සාමාන්‍ය) ලියාපදිංචි කිරීම සඳහා විවාහ දැන්වීම අදාල රෙජිස්ට්‍රාර්වරයා වෙත භාර දී දින 14 ක් ගත විය යුතුය.
එසේ දින 14 ක් ගතවිමට කලින් විවාහයක් ලියාපදිංචි කිරීමට අවශ්‍ය නම් විශේෂ බලපත්‍රයක් මත ලියාපදිංචි කිරීම සඳහා රෙජිස්ට්රාර්වරයාගෙන් ඉල්ලීමක් කළ හැකියි.
කොට්ඨාස දෙකක විවාහ රෙජිස්ට්‍රාර්වරුන්ට විවාහ දැන්වීම් භාර දී ඇති විට දැන්වීම් හුවමාරු වීම සහ ලේකම්තැනගේ සහතිකය නිකුත් කිරීමෙන් අනතුරුව විවාහය ලියාපදිංචි කළ හැකිය.
විවාහ රෙජිස්ට්‍රාර්වරයාගේ කාර්යාලයෙන් පිටත ස්ථානයකදී විවාහය ලියාපදිංචි කර ගැනීමට අවශ්‍ය වන්නේ නම් ඒ සඳහා විශේෂ අවසරයක් ලබා ගත යුතු අතර ඒ සඳහා නියමිත ගාස්තු ගෙවු අයඳුම්පත්‍රයක් ඉදිරිපත් කළ යුතුය.
** ඉහත කරුණු සම්පුර්ණ වු පසුව සාක්ෂිකරුවන් දෙදෙනෙකු ඉදිරියේ රෙජිස්ට්‍රාර්වරයා විවාහය ලියාපදිංචි කිරීම සිදු කරන අතර විවාහ සහතිකයේ තෙවන පිටපත මනාලිය අතට පත් කරනු ලැබේ.
විවාහ ලියාපදිංචි කිරීමේදී රෙජිස්ට්‍රාර්ට ගෙවිය යුතූ ගාස්තූ
නො. | කාරණය | ගෙවිය යුත්තේ කාටද | ගෙවනු ලබන්නේ කවුරුන්ද | මුදල (රු.) | මුදල ගෙවන ආකාරය |
---|---|---|---|---|---|
1 | රෙජිස්ට්‍රාර්ගේ කාර්යාලයේදී හෝ වෙනත් යම් ස්ථානයකදී විවාහ දැන්වීමක් ඇතුලත් කිරීම | රෙජිස්ට්‍රාර් | අයදුම්කරු | 120.00 | මුදලින් ගෙවිය යුතුය |
2 | අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ගේ හෝ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ගේ කාර්යාලයේදී හෝ වෙනත් යම් ස්ථානයකදී විවාහ දැන්වීමක් ඇතුලත් කිරීම | අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් හෝ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් | අයදුම්කරු | 120.00 | මුදලින් රජයට ගෙවිය යුතුය |
3 | විවාහ දැන්වීමක් පිළිබඳ රෙජිස්ට්‍රාර්වරයාගේ සහතිකය නිකුත් කිරීම | රෙජිස්ට්‍රාර් | විවාහ පාර්ශවයන් | 120.00 | මුදලින් ගෙවිය යුතුය |
4 | විවාහ දැන්වීමක් පිළිබඳ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ගේ හෝ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරයාගේ සහතිකය නිකුත් කිරීම | අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් හෝ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් | විවාහ පාර්ශවයන් | 120.00 | මුදලින් රජයට ගෙවිය යුතුය |
5 | රෙජිස්ට්‍රාර්ගේ කාර්යාලයේදී විවාහය සිදු කිරීම | රෙජිස්ට්‍රාර් | විවාහ පාර්ශවයන් | 900.00 | මුදලින් ගෙවිය යුතුය |
6 | අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ගේ හෝ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ගේ කාර්යාලයේදී විවාහය සිදු කිරීම | අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් හෝ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් | විවාහ පාර්ශවයන් | 900.00 | මුදලින් රජයට ගෙවිය යුතුය |
7 | 38(1) හෝ 38(2) වගන්ති යටතේ රෙජිස්ට්‍රාර්ගේ කාර්යාලයෙන් පිටතදී විවාහය සිදු කිරීම | රෙජිස්ට්‍රාර් | විවාහ පාර්ශවයන් | 900.00 | මුදලින් ගෙවිය යුතුය |
--- | --- | --- | |||
8 | 38(1) හෝ 38(2) වගන්ති යටතේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ගේ හෝ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ගේ කාර්යාලයෙන් පිටතදී විවාහය සිදු කිරීම | අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් හෝ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් | විවාහ පාර්ශවයන් | 900.00 | මුදලින් රජයට ගෙවිය යුතුය |
9 | 27(3) වගන්තිය යටතේ විශේෂ බලපත්‍රයක් ලබාගැනීම | රජයට | විවාහ පාර්ශවයන් | 120.00 | මුදලින් ගෙවිය යුතුය |
10 | ලියාපදිංචි පූජනීය ස්ථානයකදී සිදු කරන ලද විවාහයක් ලියාපදිංචි කිරීම | දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් | විවාහ පාර්ශවයන් | 900.00 | මුදලින් රජයට ගෙවිය යුතුය |
11 | 38 1,2 වගන්ති යටතේ රෙජිස්ට්‍රාර් කාර්යාලයෙන් පිටත විවාහ ලියාපදිංචි කිරීම සඳහා ගෘහ බලපත්‍රය නිකුත් කිරීම | රජයට | විවාහ පාර්ශවයන් | 60.00 | මුදලින් ගෙවිය යුතුය |
දේවගැතිවරයෙකු විසින් විවාහ සිදුකිරීම
ක්‍රිස්තියානි බැතිමතුන්ගේ විවාහ ස්වකීය දේවස්ථාන තුළදී සිදු කරවා ගැනීමට ඉඩ සලසා තිබේ.
විවාහ දැන්වීම පිටපත් දෙකකින් යුතුව ලියා සහතික කර කොට්ඨාශයේ විවාහ රෙජිස්ට්රාර්වරයාට භාර දිය යුතුයි. (නම හා උපන් දිනය සනාථ කර ගැනීමට උප්පැන්න සහතිකය හෝ වෙනත් ලියවිල්ලක්)
- දැන්වීම් සහතික කිරීමට බලය ඇති අය
- කොට්ඨාශයේ විවාහ රෙජිස්ට්‍රාර්
- සාමදාන විනිශ්චයකරුවකු
- ප්‍රසිද්ධ නොතාරිස්වරයකු
- දේවගැතිතුමකු
විවාහ දැන්වීමක් භාර දීම සඳහා සම්පූර්ණ කළ යුතු අවශ්‍යතා,
- පාර්ශවකරුවන් අදාළ කොට්ඨාශයේ පදිංචිය පිලිබඳ අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම, එනම්
- විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල පාර්ශවකරුවන් කොට්ඨාශයේ පදිංචිව සිටිම
- විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල පාර්ශවකරුවන් එකම කොට්ඨාශයේ නොව වෙන වෙනම කොට්ඨාශ වල පදිංචිව සිටිම.
- පාර්ශවකරුවන්ගෙන් එක් අයකු විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල ශ්‍රී ලංකාවේ පදිංචිව නොසිටියේ නම්, අනික් පාර්ශවය දින 10 ක් ශ්‍රී ලංකාවේ පදිංචිව සිටිම.
- දෙදෙනාගෙන් එක් අයකුවත් විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල ශ්‍රී ලංකාවේ පදිංචිව නොසිටියේ නම්, එක් පාර්ශවයක් දින 04 ක් ශ්‍රී ලංකාවේ පදිංචිව සිටිම.
- පාර්ශවකරුවන් දෙදෙනාම පසුගිය උපන් දිනයට වයස අවුරුදු 18 සම්පූර්ණ කර තිබීම
- ඔවුන් විවාහ වීමට තහනම් නෑදෑයන් නොවන බව
- ඒ වන විටත් වලංගු විවාහයක් නොපවතින බව
- දික්කසාද වූ අයවලුන් නම් නියත තීන්දු ප්‍රකාශයේ පිටපතක් ඉදිරිපත් කිරීම අවශ්‍යයි.
- ශ්‍රී ලංකාවේ විවාහ (සාමාන්‍ය) නීතිය යටතේ විවාහ වී පසුව විදේශ රටක අධිකරණ තීන්දුවකින් දික්කසාද වී ඇත්නම්, ශ්‍රී ලංකාවේ නිශ්චිත අධිකරණ බලය ඇති අධිකරණයක් හමුවේ නඩු පවරා දික්කසාදය පිළිබඳව තීන්දු ප්‍රකාශයක් ලබා තිබීම අත්‍යවශ්‍ය වේ.
ලියාපදිංචි කිරීමේ ගාස්තු රු. 900.00 ක් වේ.
රෙජිස්ට්‍රාර් හෝ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්රාර්ගෙන් “රෙජිස්ට්‍රාර්වරයාගේ සහතික පත්‍රය” (ලියාපදිංචි කිරීම් බී103 ආකෘතිය) ලබා ගත යුතුය.
එම රෙජිස්ට්‍රාර්වරයාගේ සහතික පත්‍රය විවාහය ලියාපදිංචි කරවා ගත යුතු දේවස්ථානයේ දේවගැතිවරයා වෙත ඉදිරිපත් කර දේවස්ථාන විවාහයක් සිදු කර ගත හැකියි.
ඉන්පසු දේවගැතිතුමා විසින් නිකුත් කරනු ලබන දේවගැති සහතිකය (බී112) දේවස්ථානය පිහිටා ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ට ලබා දී ඔබගේ නීත්‍යානුකූල විවාහ සහතිකය ලබා ගත හැකිය.
ශ්‍රී ලාංකිකයෙකු හා විදේශ ජාතිකයෙකු අතර විවාහ ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය
රෙජිස්ට්‍රාර් වෙත ස්ත්‍රී/පුරුෂ දෙදෙනා සම්බන්ධව පහත කරුණු යටතේ ලේඛන ඉදිරිපත් කල යුතුය.
විවාහ දැන්වීම (පිටපත් 2 කින් යුතුව ලියා සහතික කර)
විදේශීය ජාතිකයා හට ශ්‍රී ලංකාවට ඇතුලු වීමට අවශ්‍ය වීසා බලපත්‍රය,වලංගු විදේශ ගමන් බලපත්‍රය හා එහි ඡායා පිටපතක්
තම රටේ බලයලත් ආයතනයකින් නිකුත් කරන ලද සිවිල් තත්වය සනාථ කිරීමේ ලේඛනයේ මුල් පිටපත හා දික්කසාද/වැන්දඔු අය සම්බන්ධයෙන් නම් ඒ බව සනාථ කෙරෙන නෛතික ලියවිලි
විදේශීය ජාතිකයාගේ සෞඛ්‍ය තත්වය තහවුරු කර ගැනීම සඳහා වන ස්වයං ප්‍රකාශයක් (Health Declaration)
උප්පැන්න සහතික (නම හා වයස සනාථ කර ගැනීමට අවශ්‍ය වුවහොත්)හා ඡායා පිටපතක්
රෙජිස්ට්‍රාර් ජනරාල් විසින් නිකුත් කරන අවසර පත්‍රය
රෙජිස්ට්‍රාර් ජනරාල් විසින් නිකුත් කරනු ලබන අවසර පත්‍රය ලබා ගැනීම සඳහා වන ක්‍රියාපටිපාටිය
විදේශීය ජාතිකයා මෙරටට පැමිණිමට පෙර හෝ පසු පහත සඳහන් ලියවිලි අදාල පාර්ශවයන් විසින් (විවාහ වන පුද්ගලයන් දෙදෙනා හෝ ඔවුන්ගේ සමීප ඥාතීන් මගින් පමණක්) දෙපාර්තමේන්තුවේ සිවිල් ලියාපදිංචි අංශය වෙත භාරදිය යුතුය.
- අයඳුම්පත්‍රය
- ශ්‍රී ලාංකිකයාගේ ජාතික හැඳුනුම්පතෙහි ඡායා පිටපත
- විදේශීය ජාතිකයාගේ විදේශ ගමන් බලපත්රයෙහි ඡායා පිටපත
- විදේශීය ජාතිකයාගේ වරදකට වරදකරුවකු නොවන බවට වන පොලිස් සහතිකය(මාස 6 ඇතුලත ලබා ගත)
- විදේශීය ජාතිකයාගේ සිවිල් තත්වය පිළිබඳව සහතිකය(මාස 06 ඇතුලත ලබා ගත්)මින් පෙර විවාහ වු අයෙකු නම් දික්කසාද සහතිකය හා සිවිල් තත්වය පිළිබඳව සහතිකය)
ඉහත සෑම ලියවිල්ලකම පිටපත් 4 බැගින් ඉදිරිපත් කළ යුතුයි.
සිවිල් තත්වය පිළිබඳව සහතිකය අදාල රටෙහි රාජ්‍ය ආයතනයකින් ඉදිරිපත් කල යුතු අතර දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කළ හැක්කේ අදාල රටෙහි රාජ්‍ය ආයතන මගින් සිවිල් තත්වය පිළිබඳ සහතික ඉදිරිපත් නොකරන්නේ නම් පමණි.දිවුරුම් ප්‍රකාශය අදාළ රටේ රාජ්‍ය ආයතනයකින් පසහතික කල යුතුය.
මෙහිදී විදේශීය පුද්ගලයා විදේශයකදී විවාහ වී විදේශයකදී දික්කසාද වී ඇත්නම් විදේශීය දික්කසාද නියෝගය හෝ ශ්‍රී ලංකාවේ විවාහ වී විදේශයකදී දික්කසාද වී ඇත්නම් විදේශීය දික්කසාද නියෝගය හා ශ්‍රී ලංකාවේ දික්කසාද නියෝගය ඉදිරිපත් කල යුතුය.
විවාහය ලියාපදිංචි කිරීම, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් හෝ අදාල කොට්ඨාසයේ විවාහ රෙජිස්ට්‍රාර් මගින් සිදු කල යුතු අතර,විවාහ රෙජිස්ට්‍රාර් මගින් විවාහය සිදුකරන්නේ නම් අදාල රෙජිස්ට්‍රාර්වරයාගේ/වරියගේ නම හා අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අයඳුම්පතෙහි සටහන් කළ යුතුය
අයදුම්පත්‍රයේ විවාහය සිදුවන දිනය,ස්ථානය හා අදාල දිස්ත්‍රික්කය සටහන් කල යුතුය.
ලියවිලි ප්‍රධාන කාර්යාලය වෙත භාර දුන් දින සිට නිශ්කාෂණ වාර්තාව ලබා ගැනීම සඳහා වැඩ කරන දින 14 ක් ගත වේ.
රෙජිස්ට්‍රාර් ජනරාල් විසින් නිකුත් කරනු ලබන අවසර පත්‍රය නිකුත් කල දින සිට මාස 03 ක් දක්වා වලංගු වේ.
මෙම අවසරපත්‍රය ලබා දීම සඳහා කිසිඳු මුදලක් අය නොකෙරේ.
ඉහත ලේඛන විවාහ දැන්වීම භාරදීමේදී අදාල අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්/කොට්ඨාස විවාහ රෙජිස්ට්‍රාර් වෙත ඉදිරිපත් කල යුතුය.
මේ සම්බන්ධයෙන් වන අංක 18/2021 හා 2021/10/18 දිනැති චක්‍රලේඛය 2022/01/01 වන දින සිට ක්‍රියාත්මක අතර එහි සංශෝධිත 18/2021(1) චක්‍රලේඛය 2022/08/01 වන දින සිට ක්‍රියාත්මකයි..
උඩරට නීතිය යටතේ විවාහ ලියාපදිංචි කිරීම
උඩරට නීතිය යටතේ විවාහ විය හැක්කේ උඩරට නීතියට යටත් වන ප්‍රදේශයක පදිංචි සිංහල ජාතිකයින්ට පමණි.
උඩරට විවාහ නීතිය බලපාන ප්‍රදේශ
- මධ්‍යම පළාත
- උතුරු මැද පළාත
- ඌව පළාත
- සබරගමු පළාත
- උතුරු පළාතේ වවුනියා දිස්ත්‍රික්කයේ නැගෙනහිර සහ බස්නාහිර චුනියාචෙඩ්කුලම කෝරලේ සහ දකුණු කිලක්කුමලේ කෝරලේ
- නැගෙනහිර පළාතේ මඩකලපු දිස්ත්‍රික්කයේ බින්තැන්න පත්තුව, වෑගම්පත්තුව සහ පානම පත්තුව සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කඩුක්කුලම පත්තුව
- වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කය සහ පුත්තලම දිස්ත්‍රික්කයේ දෙමළ හත්පත්තුව
උඩරට නීතිය යටතේ විවාහ ලියාපදිංචි කිරීමට බලය ඇත්තේ ඉහත ප්‍රදේශ සඳහා පත්කර ඇති විවාහ රෙජිස්ට්‍රාර්වරු හට පමණි.
මෙම නීතිය යටතේ විවාහයක් ලියාපදිංචි කිරීම සඳහා සම්පූර්ණ කළ යුතු අවශ්‍යතා
- දෙපාර්ශවය අදාළ කොට්ඨාශය තුළ පදිංචිය පිලිබඳ අවශ්‍යතාවය
- විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල පාර්ශවකරුවන් කොට්ඨාශයේ පදිංචිව සිටිම
- විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල පාර්ශවකරුවන් එකම කොට්ඨාශයේ නොව වෙන වෙනම කොට්ඨාශ වල පදිංචිව සිටිම.
- පාර්ශවකරුවන්ගෙන් එක් අයකු විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල ශ්‍රී ලංකාවේ පදිංචිව නොසිටියේ නම්, අනික් පාර්ශවය දින 10 ක් ශ්‍රී ලංකාවේ පදිංචිව සිටිම.
- දෙදෙනාගෙන් එක් අයකුවත් විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල ශ්‍රී ලංකාවේ පදිංචිව නොසිටියේ නම්, එක් පාර්ශවයක් දින 04 ක් ශ්‍රී ලංකාවේ පදිංචිව සිටිම.
- පාර්ශවකරුවන් දෙදෙනාම පසුගිය උපන් දිනයට වයස අවුරුදු18 සම්පූර්ණ කර තිබීම
- දෙපාර්ශවය විවාහ වීමට තහනම් නෑදෑයන් නොවන බව (1952 අංක 44 දරණ උඩරට දික්කසාද පනත අනුව)
- ඒ වන විටත් වලංගු විවාහයක් නොපවතින බව
ඉහත අවශ්‍යතා සම්පුර්ණ වන්නේ නම් නිසි පරිදි සම්පුර්ණ කර සහතික කරන ලද විවාහ දැන්වීම පිටපත් දෙකකින් යුක්තව කොට්ඨාස විවාහ රෙජිස්ට්‍රාර්වරයා වෙත භාර දෙන්න.
විවාහ දැන්වීම සහතික කිරීමට බලය ඇත්තේ එම කොට්ඨාසයේ විවාහ රෙජිස්ට්රාර්වරයාටය. (නම හා වයස සනාථ කර ගැනීම සඳහා උප්පැන්න සහතිකය හෝ වෙනත් ලියවිල්ලක්)
විවාහ දැන්වීම භාර දි දින 14 ක් ගත වු පසු විවාහය ලියාපදිංචි කළ හැකිය.
- විවාහ දැන්වීම භාර දී දින 14 කට පෙර විවාහය ලියාපදිංචි කිරීමට නම් අදාල ගාස්තු ගෙවා විශේෂ බලපත්‍රයක් ලබා ගත යුතුය.
කොට්ඨාස දෙකක විවාහ රෙජිස්ට්‍රාර්වරුන්ට විවාහ දැන්වීම් භාර දී ඇති විට දැන්වීම් හුවමාරු වීම සහ ලේකම්තැනගේ සහතිකය නිකුත් කිරීමෙන් අනතුරුව විවාහය ලියාපදිංචි කළ හැකිය.
විවාහ රෙජිස්ට්‍රාර්වරයාගේ කාර්යාලයෙන් පිටත ස්ථානයකදී විවාහය ලියාපදිංචි කර ගැනීමට අවශ්‍ය වන්නේ නම් ඒ සඳහා විශේෂ අවසරයක් ලබා ගත යුතු අතර, ඒ සඳහා නියමිත ගාස්තු ගෙවු අයඳුම්පත්‍රයක් ඉදිරිපත් කළ යුතුය.
** ඉහත කරුණු සම්පුර්ණ වු පසුව සාක්ෂිකරුවන් දෙදෙනෙකු ඉදිරියේ රෙජිස්ට්‍රාර්වරයා විවාහය ලියාපදිංචි කිරීම සිදු කරන අතර විවාහ සහතිකයේ තෙවන පිටපත මනාලිය අතට පත් කරනු ලැබේ.
උඩරට විවාහ ලියාපදිංචි කිරීම සඳහා රෙජිස්ට්‍රාර්වරුන්ට අයකරගත හැකි ගාස්තූ
නො. | කාරණය | ගෙවිය යුත්තේ කාටද | ගෙවනු ලබන්නේ කවුරුන්ද | මුදල (රු.) | මුදල ගෙවන ආකාරය |
---|---|---|---|---|---|
1 | රෙජිස්ට්‍රාර්ගේ කාර්යාලයේදී හෝ වෙනත් යම් ස්ථානයකදී විවාහ දැන්වීමක් ඇතුලත් කිරීම | රෙජිස්ට්‍රාර් | අයදුම්කරු | 120.00 | මුදලින් ගෙවිය යුතුය |
2 | අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ගේ හෝ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ගේ කාර්යාලයේදී හෝ වෙනත් යම් ස්ථානයකදී විවාහ දැන්වීමක් ඇතුලත් කිරීම | අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් හෝ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් | අයදුම්කරු | 120.00 | මුදලින් රජයට ගෙවිය යුතුය |
3 | විවාහ දැන්වීමක් පිළිබඳ රෙජිස්ට්‍රාර්වරයාගේ සහතිකය නිකුත් කිරීම | රෙජිස්ට්‍රාර් | විවාහ පාර්ශවයන් | 120.00 | මුදලින් ගෙවිය යුතුය |
4 | විවාහ දැන්වීමක් පිළිබඳ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ගේ හෝ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරයාගේ සහතිකය නිකුත් කිරීම | අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් හෝ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් | විවාහ පාර්ශවයන් | 120.00 | මුදලින් රජයට ගෙවිය යුතුය |
5 | රෙජිස්ට්‍රාර්ගේ කාර්යාලයේදී විවාහය සිදු කිරීම | රෙජිස්ට්‍රාර් | විවාහ පාර්ශවයන් | 900.00 | මුදලින් ගෙවිය යුතුය |
6 | අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ගේ හෝ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ගේ කාර්යාලයේදී විවාහය සිදු කිරීම | අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් හෝ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් | විවාහ පාර්ශවයන් | 900.00 | මුදලින් රජයට ගෙවිය යුතුය |
7 | රෙජිස්ට්‍රාර්ගේ කාර්යාලයෙන් පිටතදී විවාහය සිදු කිරීම | රෙජිස්ට්‍රාර් | විවාහ පාර්ශවයන් | 900.00 | මුදලින් ගෙවිය යුතුය |
- | - | - | - | ||
8 | අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ගේ හෝ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ගේ කාර්යාලයෙන් පිටතදී විවාහය සිදු කිරීම | අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් හෝ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් | විවාහ පාර්ශවයන් | 900.00 | මුදලින් රජයට ගෙවිය යුතුය |
9 | 19 වන වගන්තිය යටතේ විවාහ දැන්වීමක් සම්බන්ධයෙන් විශේෂ බලපත්‍රයක් ලබාගැනීම සඳහා කරනු ලබන ඉල්ලීම් | රෙජිස්ට්‍රාර් | අයදුම්කරු | 120.00 | මුදලින් ගෙවිය යුතුය |
10 | 19 වන වගන්තිය යටතේ විවාහ දැන්වීමක් සම්බන්ධයෙන් විශේෂ බලපත්‍රයක් ලබාගැනීම සඳහා කරනු ලබන ඉල්ලීම් | අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් හෝ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් | අයදුම්කරු | 120.00 | මුදලින් රජයට ගෙවිය යුතුය |
11 | 24 වගන්තිය යටතේ රෙජිස්ට්‍රාර් කාර්යාලයෙන් පිටපත විවාහයක් ලියාපදිංචි කිරීම සඳහා ගෘහ බලපත්‍රයක් නිකුත් කිරිම | රජයට | විවාහ පාර්ශවයන් | 60.00 | මුදලින් ගෙවිය යුතුය |
මුස්ලිම් විවාහයක් ලියාපදිංචි කිරීම
මුස්ලිම් විවාහ දික්කසාද පනත යටතේ ශ්‍රි ලංකාවේ ඉස්ලාම් ධර්මය අදහන ස්ත්‍රියකට හා පුරුෂයෙකුට විවාහ විය හැකිය.
මෙම විවාහ ලියාපදිංචි කිරීම සඳහා දෙපාර්තමේන්තුවෙන් මුස්ලිම් විවාහ රෙජිස්ට්‍රාර්වරුන් පත් කර ඇත.
එම විවාහය ලියාපදිංචියට ප්‍රථම නිකා චාරිත්‍ර සිදු කරනු ලබයි.
නිකා චාරිත්‍රයෙන් පසු නිකා චාරිත්‍රය කල පූජකයා, මනාලියගේ වාලි, මනාලයා හා තවත් පිිරිමි සාක්ෂිකරුවන් දෙදෙනෙක් මුස්ලිම් විවාහ රෙජිස්ට්‍රාර් හමු වී විවාහය ලියාපදිංචි කරවා ගත යුතුය.
එහෙත් එම අවස්ථාවේ විවාහය ලියාපදිංචි කිරීමට නොහැකි වුයේ නම් එම විවාහය කල් ගත වු මුස්ලිම් විවාහයක් ලෙස නැවත ලියාපදිංචි කිරීමට අදාල මුස්ලිම් රෙජිස්ට්‍රාර්වරයාව නියෝග කිරීමට අදාල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සිටින දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්(ප්‍රාදේශීය ලේකම්) හට බලය ඇත.
විදේශ විවාහ ලියාපදිංචි කිරීම (විවාහය ලියාපදිංචි කරන්නේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල තුළ හෝ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාල තුළ නම්)
කොන්සල් කර්තව්‍ය පනත යටතේ තනාපති/මහකොමසාරිස් හෝ කොන්සල් නිලධාරියාට විදේශ රටකදී විවාහයක් ලියාපදිංචි කිරීමේ හැකියාව ඇත.
මෙහිදී එක් පාර්ශවයක්වත් ශ්‍රී ලාංකිකයකු විය යුතුය.
අදාල විවාහය සිංහල,ඉංග්‍රීසි හෝ දෙමළ භාෂාවෙන් ලියාපදිංචි කළ හැකිය.
සාමාන්‍ය විවාහ නීතිය යටතේ හෝ උඩරට විවාහ දික්කසාද නීතිය යටතේ හෝ මුස්ලිම් නීතිය යටතේ විවාහයක් ලියාපදිංචි කර ගත හැකිය. (මුස්ලිම් නීතිය යටතේ විවාහයක් ලියාපදිංචි කර ගැනීම සඳහා මුස්ලිම් රෙජිස්ට්‍රාර්වරයෙකු සිටිය යුතුයි.)