විවාහ සහතිකයක සහතික පිටපත් ලබා ගැනීම
විවාහ සහතිකයේ පිටපත් ලබාගත යුත්තේ විවාහය සිදුවූ ස්ථානයට අයත් වන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙනි.
අදාල සහතිකය දත්ත පද්ධතියේ ඇත්නම්, ඔබට ආසන්නයේම ඇති ඔිනෑම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයකින් ද එහි සහතික පිටපත් ලබා ගත හැකියි.
- 1960.01.01 දින සිට 2020.01.01 දක්වා වූ සහතික වල පිටපත් පද්ධතිය මගින් ලබා ගත හැකිිය. (දත්ත පද්ධතියේ ඇත් ද යන්න ඔබට ආසන්නයේම ඇති ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙන් පරික්ෂා කර තහවුරු කරගත හැකිිය.)
අවශ්‍ය ඉල්ලුම් පත්‍රය ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් අංශයෙන් හෝ මෙම දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.
අයකරනු ලබන ගාස්තු,
- විවාහ සහතිකයේ අංකය, ලියාපදිංචි කළ කොට්ඨාශය සහ ලියාපදිංචි කළ දිනය දන්නා විට - එක පිටපතකට ගාස්තුව රු.120.00 කි.
- විවාහ සහතිකයේ අංකය සහ ලියාපදිංචි කළ දිනය නොදන්නේ නම්, (වර්ෂ දෙකකට නොවැඩි කාලයක ලේඛන සෙවීමක් අවශ්‍ය වන බැවින්) - එක පිටපතකට ගාස්තුව රු.250.00 කි.
අදාල ගාස්තුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට හෝ රෙජිස්ට්‍රාර් ජනරාල්ගේ ලංකා බැංකුවේ (බත්තරමුල්ල ශාඛාවේ) 7039827 දරණ ගිණුම් අංකයට ගෙවීම් කර එහි දී ලබා දෙනු ලබන ලදුපත (Bank Slip) සහ සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ඉදිරිපත් කර සහතික පිටපත් ඉල්ලුම් කළ හැකිය. ස්වයංක්‍රීය ටේලර් යන්‍ත්‍ර මගින් කරනු ලබන ගෙවීම් හෝ Online payment භාරගනු නොලැබේ.
විවාහ සහතිකය තැපෑලෙන් ගෙන්වා ගැනීමට අවශ්‍ය වේ නම්, ලිපිනය ලියන ලද මුද්දර ඇලවූ ලියුම් කවරයක් ඉල්ලුම් පත්‍රය සමග ඉහත දක්වා ඇති පරිදි මුදල් ගෙවු රිසිට් පත ද ඉදිරිපත් කළ යුතුය.
විවාහය ලියාපදිංචි වී තිබේ නම්, අදාල විවාහ සහතිකයේ ඉල්ලුම් කර ඇති පිටපත් සංඛ්‍යාව ගෙවන ලද මුදල අනුව නිකුත් කරනු ලබන අතර විවාහය ලියාපදිංචි වී නොමැති නම්, ඒ පිළිබඳව බී38 ආකෘතිය මගින් දන්වා යවනු ලැබේ.
මාර්ගගත අයදුම්පත්
එසේම https://online.ebmd.rgd.gov.lk වෙත පිවිසීමෙන් Online ක්‍රමවේදය ඔස්සේ සහතික පිටපත් ඉල්ලුම් කිරීමේ හැකියාව පවතී.
විවාහ සහතිකවල පරිවර්තන පිටපත් ලබා ගැනීම
මෙම සේවාව ලබගත හැකි පරිවර්තකයන් සේවය කරන, දෙපාර්තමේන්තුවේ ශාඛා කාර්යාල පිලිබඳව වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය. පරිවර්තකයින් සේවය කරන කාර්යාල
ලබාගත හැකි පරිවර්තන,
- සිංහල - ඉංග්‍රීසි
- ඉංග්‍රීසි - සිංහල
- දෙමළ - ඉංග්‍රීසි
- ඉංග්‍රීසි - දෙමළ
ඉල්ලුම්පත්‍ර භාරගන්නා වේලාව:
- සතියේ කාර්යාල දිනයන් හි පෙපෙ. 9.00 - ප.ව. 2.30
- සෙනසුරාදා,ඉරිදා සහ රජයේ නිවාඩු දිනයන්හි විවෘත කරනු නොලැබේ
අයදුම්පත්‍ර පරිවර්තකයින් සේවය කරන කාර්යාල වලින් හෝ වෙබ් අඩවියෙන් භාගත කළ හැකිය.
ඉදිරිපත් කළයුතු ලියවිලි,
- නිවැරදිව සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය
- පරිවර්තනය කළයුතු ලේඛනයේ මුල් පිටපත හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් ලබාගත් සහතික පිටපතක්
- තැපෑලෙන් ලබාගන්නේ නම්, ඉහත අවශ්‍යතා වලට අමතරව ලබන්නාගේ ලිපිනය ලියන ලද මුද්දර ඇලවූ ලියුම් කවරයක්
පරිවර්තන ගාස්තු
- එක් පරිවර්තන පිටපතක් සඳහා රු.600.00 කි.
- ඕනෑම පරිවර්තන ප්‍රමාණයක් ලබාගත හැක.
ගතවන කාලය : කාර්යාල දින 05 කි.
දැනට එක් දින සේවයක් නොමැත.