
කාර්යය
නිශ්චල හා චංචල දේපල වලට අදාල ගණුදෙනු ලියාපදිංචි කිරීම, රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් ඉටු කරනු ලබයි. ඒ සඳහා දිවයින පුරා ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාල 50 ක් පිහිටුවා ඇත.

ලේඛණ
ලේඛණ ලියාපදිංචි කිරීමේ ආඥා පනතේ හා නොතාරිස් ආඥා පනතේ විධිවිධාන වලට අනුකූලව ලේඛණය ලියා සහතික කර තිබිය යුතුය.

රාජකාරි වේලාවන්
සතියේ දිනවල පෙ.ව. 8.30 සිට ප.ව.3.45 දක්වා (මුදල් කවුළු විවෘතව පවතින්නේ ප.ව 3.00 දක්වා පමණි.), සෙනසුරාදා, ඉරිදා සහ රජයේ නිවාඩු දිනයන්හිදී කාර්යාල විවෘත කරනු නොලැබේ.

ලියාපදිංචියට ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදය
ලේඛණයේ සඳහන් ඉඩම පිහිටි ප්‍රදේශය අයත් ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයට ලියාපදිංචි කිරීම සඳහා ලේඛන ඉදිරිපත් කල යුතුය. එක් ලියාපදිංචි කිරීමේ දිස්ත්‍රික්කයකට වඩා වැඩි ගණනකට අයත් ඉඩම් හා චංචල දේපල පිළිබඳ විස්තර ඇතුලත් ලේඛණ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය වෙත ඉදිරිපත් කල යුතුය. පහත සඳහන් ආකාර වලින් ලියාපදිංචියට ලේඛණ ඉදිරිපත් කල හැකිය.
අ. තැපැල් මගින්
ආ. කාර්යාලට ගෙනවිත් භාර දීමෙන්

ලේඛණ ලියාපදිංචියට ඉදිරිපත් කිරීමට හිමිකම ඇති පුද්ගලයන් (ලේඛන ලියාපදිංචි කිරීමේ ආඥාපනතේ 26 වගන්තිය ප්‍රකාරව)
අ. ලේඛණය ලියා අත්සන් කරන්නෙක්
ආ. එය යටතේ යම්කිසි ප්‍රයෝජනයක් හෝ ලාභයක් ඉල්ලා සිටින්නෙක්
ඇ. එයින් වෙනසක් කරනු ලබන දේපලක් පිළිබඳව සම්බන්ධතාවක් හෝ බැඳීමක් තිබෙන අයෙක්
ඈ. එවැනි අයෙකු වෙනුවෙන් ක්‍රියාකරන නීතීඥ කෙනෙක් හෝ නොතාරිස් කෙනෙක් හෝ නියෝජිතයෙක්

ලියාපදිංචි කිරීම සඳහා ඉදිරිපත් කල යුතු ලේඛණ
මුල් පිටපත හෝ ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයෙන් ලබාගත් සහතික කරන ලද පිටපතක්.

ලේඛන ලියාපදිංචි කරගත හැකි ආකාර
මෙම සේවාවන් කඩිනම් හා සාමාන්‍ය සේවා යන ආකාර 2 කින්ම සිදු කර ගත හැක.

කඩිනම් සේවාව
ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාල මගින් කඩිනම් සේවාව යටතේ ලියාපදිංචි කල හැකි ලේඛන:
- විකුණුම්කරය
- තෑගි ඔප්පුව
- උගස් ඔප්පුව
- ලිපිනය
- උගස් පනතේ 47 වගන්තිය යටතේ වූ ප්‍රකාශය
- උගස් අවලංගු කිරීම
- ඇටර්නි බලපත්‍ර (ණය උගස්කරයට අදාලව)
- ඇටර්නි අවලංගු කිරීම (ණය උගස්කරයට අදාලව)
- බදු ඔප්පුව
- බදු අවලංගු කිරීම
- විකිණීමේ ගිවිසුම
- පූර්වතා දැන්විම
ඉඩම් ලේඛණ උධෘත පිටපත් හා ඔප්පු සහතික පිටපත් ද මෙම සේවාව යටතේ ලබා ගත හැක.
කලාප කාර්යාල හා දිස්ත්‍රික් සහකාර රෙජිස්ට්‍රාර් ජනරාල් කාර්යාල මගින් ඇටෝර්නි බලපත්‍ර ලියාපදිංචි කිරීම හා පිටපත් ලබාගැනීම, ඇටෝර්නි බලපත්‍ර උධෘත පිටපත් ලබා ගැනීම කඩිනම් සේවාව යටතේ සිදු කර ගත හැක.
