ඇටෝර්නි බලපත්‍රයක් අවලංගු කිරිමට, ප්‍රදානකරු හෝ ඇටෝර්නි බලකරු අදහස් කරන විට එම අදහස අනෙක් පාර්ශවයට දැනුම් දිය යුතුය. අවලංගු කිරිමට අදහස් කරන පාර්ශවයේ අදහස ප්‍රකාශ වන පරිදි ප්‍රසිද්ධ නොතාරිස්වරයෙකු විසින් ලියා සහතික කරනු ලබන ලේඛනයක්, ඇටෝර්නි බලපත්‍රය ලියාපදිංචි කරන ලද කාර්යාලයට ඉදිරිපත් කල යුතුය. (2022 අංක 28 ඇටෝර්නි බලපත්‍ර සංශෝධන පනත අනුව)
ඉදිරිපත් කල යුතු ලේඛන,
- ප්‍රසිද්ධ නොතාරිස්වරයෙකු විසින් ලියා සහතික කරන ලද අවලංගු කිරිමේ ලේඛනයේ මුල් පිටපත
- ඇටෝර්නි ප්‍රදානකරුගේ හා ලැබුම්කරුගේ සම්පුර්ණ නම, ලිපිනය, හා ජාතික හැදුනුම්පතෙහි හෝ විදෙස් ගමන් බලපත්‍රයේ , රියදුරු බලපත්‍රයේ සහතික පිටපත
- ප්‍රසිද්ධ නොතාරිස්වරයෙකු විසින් සත්‍ය පිටපතක් බවට සහතික කරන ලද අවලංගු කිරිමේ ලේඛනයේ පිටපත (මුල් පිටපත සමඟ ඉදිරිපත් කල යුතුයි.)
- ලියාපදිංචි කරන ලද ඇටර්නි බලපත්‍රයේ මුල් පිටපත හෝ ලියාපදිංචි කරන ලද කාර්යාලයෙන් ලබාගත් සහතික පිටපත
ඇටෝර්නි බලපත්‍රයක ප්‍රදානකරුට වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහුගේ ඇටෝරනි බලපත්‍රය අවලංගු කිරීමට අවශ්‍ය වනවිටක අවලංගු කිරීමේ ලේඛනයක් ඉදිරිපත් කරන තෙක් ඇටෝර්නි බලපත්‍රය අවලංගු කිරීමට අදහස් කරන බවට වූ දැන්වීමක් රෙජිස්ට්‍රාර් ජනරාල් වෙත ලියාපදිංචිය සඳහා ඉදිරිපත් කල හැක.