Accessibility Tools

Information Icon

ඉඩමක හිමිකම තහවුරු කිරීම සඳහා ලේඛන ලියාපදිංචි කිරීමේ ක්‍රමය වෙනුවට රජයේ වගකීමක්ද සහිත ඉඩමේ පිහිටීම, එහි සීමාවන් හා ප්‍රමාණය සඳහන් වන කඩයිම්  සිතියමක් (පිඹුරක්) ඇතුළත් කරමින් සුවිශේෂී වූ අනන්‍ය අංකයක් යටතේ හිමිකම් හා හිමිකමේ ස්වභාවය දක්වමින් ඉඩමේ පරම අයිතිය ලියාපදිංචි කිරීම සඳහා 1998 අංක 21 දරන හිමිකම් ලියාපදිංචි කිරීමේ පනත ( බිම් සවිය වැඩසටහනට අදාළ පනත) ස්ථාපිත කරන ලදී.

 

මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා සම්බන්ධිත ආයතන

මිනින්දෝරු දෙපාර්තමේන්තුව

  • හිමිකම් පානා ඉඩම සඳහා කැඩැස්තර සිතියම් සකස් කිරීම/ ඉන් පිටපත් නිකුත් කිරීම

හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව

  • අදාළ ඉඩම් කොටසෙහි හිමිකම නිරවුල් කිරීම
  • පනතේ 55 වගන්තිය ප්‍රකාර පරීක්ෂණ සිදුකිරීම හා පසු අයිතිය තහවුරු කිරීම

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව

  • ඉහත කී කැඩැස්තර සිතියම පදනම් කරගෙන හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවෙන් ලැබෙන උප ලේඛන මත හිමිකම ලියාපදිංචි කිරීම.
  • එම ඉඩමට අදාළ පසුගනුදෙනු ලියාපදිංචි කිරීම.
  • උධෘත පිටපත් නිකුත් කිරීම