Accessibility Tools

Information Icon

හිමිකම් සහතිකවලට අදාළව පසුගනුදෙනු ලියාපදිංචි කිරීම

  • හිමිකම් සහතිකයක් නිකුත් වූ ඉඩමකට අදාළව පසුව සිදු වන ගනුදෙනු එනම්, විකිණීම, ත්‍යාග දීම, උකස් කිරීම, බදු දීම ආදී ගනුදෙනු, පසුගනුදෙනු ව‍ශයෙන් හඳුන්වනු ලබයි.
  • මේ සඳහා භාවිතා කරනු ලබන සාධන පත්‍ර ආකෘතිය අංක 2308/27 හා 2022.12.01 දිනැති ගැසට් පත්‍රයේ සඳහන් වේ.
  • මෙම සාධන පත්‍ර අදාළ අනෙකුත් ලියවිලි ද සමඟ ඉඩම පිහිටි ප්‍රදේශයේ හිමිකම් ලියාපදිංචි කිරීමේ කාර්යාලය වෙත ඉදිරිපත් කර ලියාපදිංචි කරගත හැකිය.මේ සඳහා දිවයින පුරා හිමිකම් ලියාපදිංචි කිරීමේ කාර්යාල 30 ක් ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාල පරිශ්‍රය තුලම පිහිටා ඇත.
  • මෙම පනත යටතේ ගනු ලබන ඉඩමකට යම් සාධන පත්‍රයක් ලියාපදිංචි කරන ලද්දේ නම් මිස එම හිමිකමට හෝ සම්බන්ධතාවයට හිමිකමක් නොලැබේ.( 1998 අංක 21 දරණ හිමිකම් ලියාපදිංචි කිරීමේ පනතේ 38 වගන්තිය අනුව)
රාජකාරි වේලාවන්

සතියේ දින වල පෙ:ව 8.30 ත් ප:ව 3.00 ත් අතර අතින් ගෙනවිත් භාර දිය යුතුය. සෙනසුරාදා ,ඉරිදා සහ රජයේ නිවාඩු දින වලදී කාර්යාල විවෘත කරනු නොලැබේ.

සාධනපත්‍ර ලියාපදිංචියට ඉදිරිපත් කිරීමට හිමිකම ඇති පුද්ගලයින්
  • ඒ යටතේ යම් සම්බන්ධතාවයක් හෝ ප්‍රතිලාභයක් ඉල්ලා සිටින යම් තැනැත්තකු විසින්
  • එයින් බලපෑ යම් දේපලක් කෙරෙහි යම් සම්බන්ධතාවයක් ඇති හෝ ඒ මත අයභාරයක් ඇති යම් තැනැත්තෙකු විසින් හෝ
  • ඒ සාධන පත්‍රය ලියා සහතික කරන යම් තැනැත්තෙකු විසින් ඉදිරිපත් කරනු ලැබිය හැකිය.

(1998 අංක 21 දරණ හිමිකම් ලියාපදිංචි කිරීමේ පනතේ 40 වගන්තිය අනුව)

ලියාපදිංචිය සඳහා ඉදිරිපත් කළ යුතු ලේඛණ
  • මේ සඳහා භාවිතා කරනු ලබන සාධන පත්‍ර ආකෘති අංක in the Gazette No. 2308/27 dated 01.12.2022 සඳහන් වේ.
  • හිමිකරු නමට නිකුත් කරන ලද හිමිකම් සහතිකය.
  • නොතාරිස්වරයා විසින් අංක 2308/27 හා 2022.12.01 දිනැති ගැසට් පත්‍රය අනුව සකස් කර සහතික කරන ලද අදාළ සාධන පත්‍රය (විකිණුම්/ පැවරුම්, තෑගි හෝ හුවමරු සාධන පත්‍රයක් නම් පිටපත් ‍2කින් යුතුව භාර දිය යුතුය.)හිමිකරු නමට නිකුත් කරන ලද හිමිකම් සහතිකය
  • මුද්දර ගාස්තු ගෙවන ලද රිසිට්පතේ මුල් පිටපත
    • විකිණුම් හා ත්‍යාග සාධන පත්‍ර සඳහා පළාත් ආදායම් කොමසාරිස්ට ද, උකස් හා බදු සාධන පත්‍ර සඳහා දේශිය ආදායම්කොමසාරිස්ට ද, මුද්දර ගාස්තු ගෙවා තිබිය යුතුය.
    • මුද්දර ගාස්තු ගෙවීමේ රිසිට්ප‍තෙහි ඔප්පු අංකය සඳහන් කල යුතු ස්ථානයට හිමිකම් අංකය යොදන්න.
  • පැවරීමට අදාළ සාධන පත්‍රයක් නම් නව හිමිකම සහතිකයක් ලබා ගැනීම සඳහා වූ ඉල්ලුම් පත්‍රය (හි.ලි 31 අයදුම්පත)
  • ලියාපදිංචි කිරීමේ කවුළුව වෙත පෙ:ව 8.30 සහ ප:ව 3.00 අතර භාර දිය යුතුය.
ලේඛණ ලියාපදිංචි කරගත හැකි ආකාර

මෙම සේවාවන් කඩිනම් හා සාමාන්‍ය සේවා යන ආකාර 2 කින්ම සිදු කර ගත හැකිය.

කඩිනම් සේවාව

ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාල මගින් කඩිනම් සේවාව යටතේ ලියාපදිංචි කල හැකි ලේඛණ

  • විකුණුම්කර
  • තෑගි
  • පැවරුම්
  • විකිණීමේ ගිවිසුම්
  • විකිණීමේ ගිවිසුම් අවලංගු
  • උගස්කර
  • ලිපිනය
  • උගස් පනතේ 47 වගන්තිය යටතේ වූ ප්‍රකාශය
  • උගස් අවලංගුව
  • බදු
  • බදු අවලංගුව
  • පූර්වතා දැන්වීම්
  • ජීවිත බුක්තිය අවලංගු කිරීම්
  • රජයේ අවලංගු කළ නොහැකි ඇටෝර්නි බලකර

හිමිකම් පසුගනුදෙනු ලියාපදිංචි කිරීමට අදාළ ලියාපදිංචි කිරීමේ ගාස්තු පමණක් ඉඩම පිහිටි ප්‍රදේශයේ  හිමිකම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයට පැමිණ දිනපොත් කවුළුව වෙත භාර දිය යුතු වේ.