Accessibility Tools

Information Icon

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් හදුන්වා දී ඇති ඉ-ජනගහන වැඩසටහනට සමගාමීව "උරුමපතට ඩිජිටල් ප්‍රවේශයක්" ඩිජිටල් ක්‍රමය යටතේ කෑගල්ල කොට්ඨාසය තුළ ජාතික උප්පැන්න සහතිකය නිකුත් කිරිම 2025/04/02 දින කෑගල්ල දිස්ත්‍රික් ලේකම්/දිසාපති ජගත් හේරත් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඇරඹිණි. රෙජිස්ට්‍රාර් ජනරාල්තුමාගේ නිල අත්සන ද සහිතව නිකුත් වන මෙම ඩිජිටල් ජාතික උප්පැන්න සහතිකය සාම්ප්‍රදායික කඩදාසි සහතිකයට ඩවා නවීන, සුරක්ෂිත ලේඛනයකි. එමෙන්ම විදේශ ගමන් හා නීතිමය කටයුතු සදහා ජාත්‍යන්තරමය වශයෙන් භාවිතයට වඩාත් සුදුසු වන අතර සිංහල හා ඉංග්‍රීසි හෝ දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා මගින් සහතිකය ලබා ගැනීමට හැකි වීම තුලින් උප්පැන්න සහතිකය වෙනම පරිවර්තනයක් සිදු කිරීමට ද අවශ්‍ය නොවේ.