Accessibility Tools

Information Icon

කල්ගතවූ උපත් ලියාපදිංචි කිරීම

උපතක් සිදුවී මාස තුනක් ඇතුලතදී ලියාපදිංචි කර නොමැති විටෙක එවැනි උපතක් කල්ගත වූ උපතක් ලෙස ලියාපදිංචි කරවා ගැනීමට හැකියාව ඇත. (8/2008 චක්‍ර්‍රලේඛය බලන්න)

ඒ සඳහා උප්පැන්න විවාහ හා මරණ ලියාපදිංචි කිරීමේ පනතේ 24 වන වගන්තිය යටතේ වන ප්‍රකාශ පත්‍රයක් උපත සිදුවූ ස්ථානයට අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් වෙත ඉදිරිපත් කල යුතුය. (මාස තුනේ සිට වසරක කාලයක් සඳහා ඉදිරිපත් කරනු ලබන ප්‍රකාශ පත්‍රයට, ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරයාට අනුමැතිය ලබා දිය හැකිය.)

ප්‍රකාශ පත්‍රය ඉදිරිපත් කළ හැකි අය,

  • දෙමව්පියන්‌ගෙන් කෙනෙකු
  • දරුවාගේ භාරකරු
  • උනන්දුවක් දක්වන ඕනෑම අයකු

ප්‍රකාශ පත්‍රය සඳහා ගාස්තුව රු. 60.00 කි.

උපත සිදුවී අවුරුද්දක් ඇතුලත ඉදිරිපත් කරන ප්‍රකාශ පත්‍රය සමඟ පහත සඳහන් ලියවිලි ඉදිරිපත් කල යුතුය.

  • මව්පියන් විවාහක නම්, ඔවුන්ගේ විවාහ සහතිකයේ සහතික කල පිටපතක්
  • විෂයගේ (උපතට අදාල තැනැත්තා) උපන් දිනය හා ස්ථානය සනාථ වන පහත සඳහන් ලියවිලි වලින් එකක්,
    • රෝහල් උපත් වාර්තාව හෝ සහතික පිටපත
    • ග්‍රාම නිළධාරී උපත් වාර්තාව හෝ සහතික පිටපත (B23)
    • වතු උපත් වාර්තාව හෝ සහතික පිටපත
    • පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණියගේ සහතිකයක්

ඉහත සඳහන් ලියවිල්ලක් නැතිනම්, ඒ වෙනුවට පහත සඳහන් ලියවිලිවලින් එකක්,

  • සෞඛ්‍ය වර්ධන සටහන
  • බෞතීස්ම සහතිකය,
  • පාසැලට ඇතුලත් කිරීමේ ලේඛණයේ සහතික පිටපත/ ශිෂ්‍ය කාර්ය දර්ශනය
  • වතු සුභසාධක නිලධාරිගේ වාර්ථාව
  • උපන් දිනට ආසන්නයේදී සකස් කරන ලද හඳහන හෝ වේලාපත්කඩය

මෙම ලියවිලි කිසිවක් ලබාගත නොහැකි නම්, දන්නා විස්තර ඇතුලත් කරන ලද ප්‍රකාශ පත්‍රයක් සහ දිවුරුම් ප්‍රකාශයක්

උපත සිදු වී අවුරුද්දක කාලය ගත වීමෙන් පසුව ඉදිරිපත් කරන ප්‍රකාශ පත්‍රය සමඟ පහත සඳහන් ලියවිලි ඉදිරිපත් කළ යුතුය.

  • උපත ලියාපදිංචි වී නොමැති බවට සහතිකය (හිස් ප්‍රතිඵලය)
  • මව්පියන් විවාහක නම්, ඔවුන්ගේ විවාහ සහතිකයේ සහතික කල පිටපතක්
  • විෂයගේ(උපතට අදාල තැනැත්තා) පුද්ගලයාගේ උපන් දිනය හා ස්ථානය සනාථ වන පහත සඳහන් ලියවිලි වලින් එකක්,
    • රෝහල් උපත් වාර්තාව හෝ සහතික පිටපත
    • ග්‍රාම නිළධාරී උපත් වාර්තාව හෝ සහතික පිටපත (B23)
    • වතු උපත් වාර්තාව හෝ සහතික පිටපත
    • පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණියගේ සහතිකයක්

ඉහත සඳහන් ලියවිල්ලක් නැතිනම්, ඒ වෙනුවට පහත සඳහන් ලියවිලිවලින් එකක්,

  • සෞඛ්‍ය වර්ධන සටහන
  • බෞතීස්ම සහතිකය,
  • පාසැලට ඇතුලත් කිරීමේ ලේඛණයේ සහතික පිටපත/ ශිෂ්‍ය කාර්ය දර්ශනය
  • වතු සුභසාධක නිලධාරිගේ වාර්ථාව
  • උපන් දිනට ආසන්නයේදී සකස් කරන ලද හඳහන හෝ වේලාපත්කඩය

මෙම ලියවිලි කිසිවක් ලබාගත නොහැකි නම්, දන්නා විස්තර ඇතුලත් කරන ලද ප්‍රකාශ පත්‍රයක් සහ දිවුරුම් ප්‍රකාශයක්.