- ඉඩමකට අදාල පත්ඉරු පරික්ෂා කර ගැනීමට එම ඉඩම පිහිටි ප්‍රදේශයේ ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයෙන් සිදුකර ගත හැකිය.
- ඔප්පුවක දෙවන පිටපත් පරික්ෂා කර ගැනීමට හා සහතික පිටපත් ලබා ගැනීම අදාල නොතාරිස්වරයා දෙවන පිටපත් ලබා දෙන ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයෙන් සිදු කරගත හැක.
ඉල්ලුම් කිරීමේ ක්‍රමය
නොතාරිස් හෝ ඔහුගේ බලයලත් නියෝජිතයකුට
සෙවිම් අයදුම්පත්‍රය
- නියමිත මුද්‍රිත අයදුම්පත සම්පූර්ණ කර ඉදිරිපත් කල යුතුය.
- ඉඩම් ලේඛණ පරික්ෂා කිරීම අයදුම්පත්‍ර ආකෘතිය A33(A)
- ඔප්පු හා දෙවන පිටපත් පරික්ෂා කිරීමේ අයදුම්පත්‍ර ආකෘතිය A33(B)
- අයදුම්පත්‍රය නොතාරිස්වරයා විසින් අත්සන් කර මුද්‍රාව තබා තිබිය යුතුය. නියෝජිතයකු අයදුම්පත්‍රය ඉදිරිපත් කරන්නේ නම් බලය පැවරූ ලිපියක් ඉදිරිපත් කල යුතුය.
ගාස්තු
- සෙවීම් ගාස්තු මුදලින් ගෙවිය යුතුය.
- එක් ඉඩමක් සඳහා ගාස්තුව රු. 600.00.