Accessibility Tools

Information Icon

ඔප්පුවක සහතික පිටපතක් ලබා ගැනීම

ඔප්පුවක සහතික පිටපත් නිකුත් කිරීම දිවයින පුරා ඇති ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාල 50 මගින් සිදු කරනු ලැබේ. අදාල නොතාරිස්වරයා විසින් සිය දෙවන පිටපත් භාර දෙන ලබන ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලය වෙත ඉල්ලුම් පත්‍රයක් ඉදිරිපත් කිරීමෙන් මෙම සේවාව ලබා ගත හැක.

රාජකාරි වේලාවන්

සතියේ දිනවල පෙ.ව. 8.30 සිට ප.ව.3.45 දක්වා (මුදල් කවුළු විවෘතව පවතින්නේ ප.ව 3.00 දක්වා පමණි.), සෙනසුරාදා, ඉරිදා සහ රජයේ නිවාඩු දිනයන්හිදී කාර්යාල විවෘත කරනු නොලැබේ.

ඉල්ලීම ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදය

ලේඛණය ලියා සහතික කල නොතාරිස්වරයාගේ දෙවන පිටපත් භාර දෙනු ලබන ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයට අයදුම්පත ඉදිරිපත් කල යුතුය. පහත සඳහන් ආකාර වලින් අයදුම්පත ඉදිරිපත් කල හැකිය.

            අ. තැපැල් මගින්

            ආ. කාර්යාලයට ගෙනවිත් භාර දීමෙන්

            ඇ. මාර්ගගත ‍ක්‍රමයෙන් (https://online.land.rgd.gov.lk/)

අයදුම්පත

නියමිත මුද්‍රිත අයදුම්පත ඉදිරිපත් කල යුතුය. අයදුම් පත්‍රයෙහි අංකය ‘A32(B)’ වේ. අයදුම්පත වෙබ් අඩවියෙන් බාගත කල හැකිය. ‘අයදුම්පත ‘A32(B)'

අයදුම්පත ඉදිරිපත් කිරීමට හිමිකම ඇති පුද්ගලයන්

අ. දේපළ අයිතිකරු

ආ. උනන්දුවක් දක්වන අයගේ නියෝජිත‍යෙකු

අයදුම්පත ඉදිරිපත් කරනු ලබන්නේ නියෝජියකු නම් බලය පැවරූ ලිපියක් ඉදිරිපත් කල යුතුය.

ගාස්තු

ගාස්තු ගෙවීම මුදලින් හෝ රෙජිස්ට්‍රාර් ජනරාල්ගේ ලංකා බැංකුවේ අංක 7041650 දරණ ගිණුමට බැරවනසේ ඕනෑම ලංකා බැංකු ශාඛාවකට ගෙවීම කල හැකිය. බැංකු රිසිට්පත අමුණා එවිය යුතුය.

යම් ඉඩමකට අදාල යම් ඔප්පුවක පිටපතක් ලබා ගැනීම.

  • සාමාන්‍ය සේවය යටතේ එක් ඔප්පු පිටපතක් සඳහා ගාස්තුව - රු. 600.00
  • කඩිනම් (එක් දින) සේවය යටතේ ඔප්පු පිටපතක් සඳහා ගාස්තුව - රු. 1000.00
විමසීම්

අදාල ඉඩම් රෙජිස්ට්‍රාර්ගෙන් විමසීම් කල හැකිය. කරුණාකර විමසීම් විස්තර බලන්න.